රැකියාවක යෙදවීමට හැකි අවම වයස ඉහළට

රැකියාවක යෙදවීමට හැකි අවම වයස ඉහළට
මෙරට රැකියාවක යෙදවීමේ අවම වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දමමින් පාර්ලිමේන්තුවේදී නීතිගත කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
 
එම නිවේදනයට අනුව ළමයාගේ අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16ක් දක්වා ඉහළ යන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
 
ඊට අදාල පනත් කිහිපයක අවම වයස් සීමාව සංශෝධයන කිරීමද අනුමත වී ඇති බවත් සඳහන්.