කොවිඩ් වසංගතයට මුවාවී සේවක අයිතිවාසිකම් කප්පාදුවට එරෙහි වෘත්තීය සමිති පෙළගැසෙයි

කොවිඩ් වසංගතයට මුවාවී සේවක අයිතිවාසිකම් කප්පාදුවට එරෙහි වෘත්තීය සමිති පෙළගැසෙයි

කොරෝනා වසංගත සමයේදී මෙරට ඇඟළුම් කර්මාන්තය තුළ ඇඟළුම් වෙළෙඳ නාම,වෙළෙන්දන් හා නිෂ්පාදකයින් විසින් සේවකයින්ගේ සෞඛ්‍ය ,සේවා සුරක්ෂිතතාවය මෙන්ම සේවක අයිතිවාසිකම් කප්පාදුකොට ආදායමින් ඔවුන් වෙත විශාල ලාභයක් හිමිකරගන්නා බව අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මෙරට ප්‍රධාන පෙළේ වෘත්තිය සමිති පෙන්වා දෙයි.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෘත්තීය සමිති සඳහන් කළේ, ඇඟළුම් ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සේවකයින්ගේ අයිතිවාසිකම්, වැටුප් සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා වෘත්තීය සමිති සමඟ ජාතික සංවාදයක් ආරම්භ කරන ලෙස ශ්‍රී ලාංකික ඇඟලුම් අංශයේ සන්නාම සහ සේවා යෝජකයින්ගෙන් ඉල්ලිමක් කරන බවයි.

නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ,, "කොවිඩ් වසංගත සමයේදී සේවායෝජකයින් විසින් බොහෝ අවස්ථාවල නීත්‍යානුකූලව වන්දි ලබා දීමකින් තොරව සේවකයින් සේවයෙන් ඉවත් කිරීම සඳහා විවිද වූ උපක්‍රම භාවිතා කරන ලද අතර සමාගම් අතින් දැවන්ත වුවත් සේවකයින්ට සම්පූර්ණ වැටුප් හා බෝනස් ගෙවීමට නොහැකි බවට තර්ක කරන බවයි. එමෙන්ම වෙළඳ නාම සහ සැපයුම්කරුවන් විසින් ඔවුන්ගේ සැපයුම් දාමයේ කම්කරුවන්ගේ වගකීම භාරගනිමින් සේවකයින්ට ආරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීම අනිවාර්යෙන් කළ යුතුයි" යනුවෙන්ද අදහස් දැක්වීය.

මෙම මාධ්‍ය සාකච්ඡාව නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (FTZ & GSEU), , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (SLNSS), ජාතික නාවිකයින්ගේ සංගමය(NUSS) සහ එක්සත් කම්කරු සම්මේලනය (UFL) විසින් සංවිධානය කර තිබුණි.

 අමුණා ඇති විස්තර පත්‍රිකාවට මෙතනින් පිවිසෙන්න...