රුපියල බරපතල කඩාවැටීමක

රුපියල බරපතල කඩාවැටීමක

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඊයේ (31) දිනයේ රුපියල තවත් පහතට වැටී එහි විකුණුම් මිල රුපියල් 202.0400 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල වශයෙන් සදහන් වූයේ රුපියල් 197.62කි.

රුපියල මේ ආකාරයෙන් දිගින් දිගටම අවප්‍රමාණය වීම ගැන අදහස් දක්වන ආර්ථික විශේෂඥයින් කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා මෝටර් රථ ආනයනය ද දැඩිව පාලනය කර තිබියදී රුපියල මේ ආකාරයෙන් පහත වැටීම ශ්‍රී ලංකාවට ආනයනය කරන අන්තර් භාණ්ඩ (ඛනිජ තෙල් ආදි) කෙරෙහි දැඩිව අහිතකර බලපෑම් සිදුකරනු ඇති බවයි.

ආනයනය සීමා වුව ද අපනයන හා සංක්‍රාම ආදායම් ප්‍රමාණවත් නොවීම, සංචාරක ව්‍යාපාරය ආදි ක්ෂේත්‍ර තව දුරටත් අකර්මන්‍ය තත්ත්වයේ තිබීම මේ බිද වැටීමට ඍජු හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර අප සමග අදහස් දැක්වූ ආර්ථික විශේෂඥයෙකු කියා සිටියේ මේ වසර අවසාන වන විට රුපියල තව දුරටත් අවප්‍රමාණය වී බරපතළ ගැටලු ඇති කළ හැකි බවයි.