ගුරු සේවයේ සිටින ගුරු අපෙක්ෂාවෙන් සිටින අයට රජයෙන් සුබ ආරංචියක්

ගුරු සේවයේ සිටින ගුරු අපෙක්ෂාවෙන් සිටින අයට රජයෙන් සුබ ආරංචියක්

රජයේ පාසල් වල ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පාසලක් ලබාදීම සඳහා අවධානය යොමුව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,පාසලට විශේෂ පත්වීමක් ලෙස මෙම පත්වීම ලබාදෙන බවත් අනතුරුව එම ගුරුවරයාට පාසල මාරු කිරීම කළ නොහැකි බවයි.

“පත්වීම දෙනවා පාසලට විශේෂ පත්වීමක් ලෙස. ඒ ගුවරුවරයා පාසලට සේවය කරන්න ඕන. වෙන පළාතකට මාරු වෙන්න බෑ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම පදිංචි ගුරුවරුන්ට අවස්ථාව දෙනවා. වෙන පළාතකට දෙන්නේ නෑ. එතකොට නිවසේ සිටම පාසලට යන්න පුළුවන්. පළාතේ සිටින ගුරුවරුන්ට එම පළාතේම පාසල් ලබාදෙනවා. ඒ අයට වෙන පළාතක පත්වීම් ලබාදීම වෙනුවට.” යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී අදහස් දැක්වීය.