ජාතික පාසක් ගුරු අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන්ට මේ ආරංචිය නම් වැදගත්

ජාතික පාසක් ගුරු අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන්ට මේ ආරංචිය නම් වැදගත්

නව ජාතික පාසල් 1000ක් පිහිටුවීමේ පළමු අදියර ලබන 29 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, මේ යටතේ සෑම පළාතකටම නව ජාතික පාසල බැගින් පිහිටුවන බවය.

සමාරම්භක උත්සවය සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේදී පැවැත්වෙනු ඇති.

පළමු අදිරේදී ජාතික පාසල් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123 ක නව ජාතික පාසල් පිහිටුවීමට නියමිත බව අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ජාතික පාසල් 02ක් බැගින් ඉදිරියේදී හිමි වනු ඇති.