ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අඛණ්ඩව

ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අඛණ්ඩව

තවත් සාකච්ඡාවක් අසාර්ථක වීම  හේතුවෙන් දුම්රිය ස්ථානාධිපති සංගමය  ආරම්භ කළ දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය වදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කර තිබේ.

 දුම්රිය  සාමාන්‍යාධිකාරිවරයා සමග ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව  ඔවුන්ගේ ඉල්ලීම් සඳහා විසදුම් ලබාදෙන බවට සඳහන් ලියවිල්ලක්   වෘත්තීය සමිති වෙත ලබාදී තිබේ.

 කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙහිදී ප්‍රකාශ කර සිටින්නේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ලබාදුන් ලියවිල්ලෙහි සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන බවට සඳහන් වී තිබුණද  ඒවා ලැබෙන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

 ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට   සියලු සේවාවලින් ඉවත් වී දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය ආරම්භ කරන අතර එහිදී වෘත්තියට අදාළ උසස්වීම් සහ බඳවා ගැනීම් සිදු නොකිරීම හා නියමිත පරිදි දුම්රිය ධාවනය නොවීම මෙන්ම සංඥා ක්‍රම පිළිබඳ ගැටළු ඇතුළු ඉල්ලීම් 25ක් මුල්කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේය.