උපාධිධාරීන් 2322ක් ස්ථිර කිරීම සදහා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවයි

උපාධිධාරීන් 2322ක් ස්ථිර කිරීම සදහා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවයි
සබරගමුවේ උපාධිධාරීන් 2322ක් ස්ථිර කිරීම සදහා සම්මුඛ පරීක්ෂණ සඳහා පසුගියදා කැඳවීම් සිදුකර තිබේ.
 
සබරගමුව පළාත් රාජ්ය සේවය සදහා උපාධිධාරී අභ්යාසලාභීන් 2322ක් බදවා ගැනීමට අදාල ව සම්මුඛ පරීක්ෂණ මෙම මස 24 සහ 27 යන දෙදින තුළ රත්නපුර පිහිටි පළාත් සභා ශ්රවණාගාරයේ දී පැවැත්වේ.
 
සබරගමුව පළාත් රාජ්ය සේවා කොමිෂන් සභාව මගින් මෙම සම්මුඛ පරීක්ෂණ සිදු කරයි
.
ඒ අනුව රත්නපුර, කෑගල්ල දිස්ත්රික්ක දෙකේ පාසල් පද්ධතීන් සදහා උපාධිධාරී අභ්යාසලාභීන් 1746ක් ද සෙසු රාජ්ය ආයතන සදහා උපාධිධාරීන් 576 ක් ද මෙලෙස සම්මුඛ පරීක්ෂණ සදහා එක්ව සිටියි.
 
ඔවුන් අතරින් සුදුසුකම් සහිත උපාධිධාරීන් සබරගමුව පළාත් රාජ්ය සේවයට බදවාගැනීමට නියමිත ය.
 
මෙදින (23) සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, උපාධිධාරී අභ්යාසලාභින් සමග ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ඡා කරනු ලැබී ය.
 

මෙම අවස්ථාවට ප්රධාන ලේකම් සුනිල් ජයලත්, ආණ්ඩුකාර ලේකම් ප්රභාත් උදාකර,පළාත් රාජ්ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ශාන්තිනී විජයරාජා, පළාත් පාලන කොමසාරිස් දුලීප් සොමිරත්න යන මහත්ම මහත්මීන් සහභාගී විය.

 

2

1