හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරියට සහය පළකරමින් සත්වෝද්‍යායන සේවක පිරිසක් විරෝධයේ

හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරියට සහය පළකරමින් සත්වෝද්‍යායන සේවක පිරිසක් විරෝධයේ
දෙහිවල සත්වෝද්‍යානය තුළ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳ පරීක්ෂණයක් පවත්වා නිවාඩු ලබා සිටින අධ්‍යක්ෂ ජනරාල්වරියට රාජකාරි කටයුතු කරගෙන යාමට සුදුසු පරිසරයක් සකස් කර දෙන ලෙස  ඉල්ලා එහි සේවකයින් පිරිසක් අද  (27) නිහඬ විරෝධතාවක නිරත වී තිබේ.
 
 දෙහිවල සත්වෝද්‍යානය ඉදිපිට පැවති මෙහිදී විරෝධතාකරුවන්, සත්වෝද්‍යාන  දෙපාර්තමේන්තුවේ පාලනයට අවිධිමත් ලෙස බලපෑම් කරන පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්  ඉල්ලා සිටියහ.
 
මීට සමගාමීව  පින්නවල අලි අනාථාගාරයේ හම්බන්තොට රිදියගම සෆාරී උද්‍යානය අසලද උද්ඝෝෂණ පැවැවුණු බව අප වාර්තාකරුවන් පවසයි.
 
පසුගියදා දෙහිවල සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ක්‍රියා කලාපයට එරෙහිව  ඇය ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් සේවක පිරිසක් විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරිය රාජකාරිවලින් ඉවත්විය.
 

තමාට නිසි ලෙස රාජකාරි කරගෙන යාමට අවස්ථාව සලසා නොදෙන්නේ නම් ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බැව් දන්වමින් ඇය විසින් ජනාධිපතිවරයාට ලිපියක්ද යොමුකර තිබුණි.