විදුලිබල මණ්ඩලය ලාභ ලබන තෙක් බෝනස් නෑ

විදුලිබල මණ්ඩලය ලාභ ලබන තෙක් බෝනස් නෑ
විදුලිබල මණ්ඩලය මූල්‍ය වශයෙන් සාර්ථක තත්ත්වයට පත්වන තෙක් එහි සේවකයන්ට ප්‍රසාද දීමනා වැනි අමතර ගෙවීම් කළ නොහැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
 
එසේ තවදුරටත් ගෙවීම් කරනු ලැබුවහොත්,  විදුලිබල මණ්ඩලය ආයනයක් ලෙස කඩාවැටීමේ අවධානයක් ඇති බව හෙතෙම කියා සිටියේ අද (09) පැවති මාධ්‍ය හමුවක් ආමන්ත්‍රණය කරමිනි. 
 
විදුලිබල මණ්ඩලයේ සේවකයන් උගත් පිරිසක් වීම නිසා වර්තමාන තත්ත්වය අවබෝධකරනු ඇති බව කී රත්නායක , එම තත්ත්වය සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමඟ ද සාකච්ඡා කළ බව ද සඳහන් කළේය.