නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන් දහසක් පුහුණුවට බඳවා ගැනේ

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන් දහසක් පුහුණුවට බඳවා ගැනේ

වහාම ක්‍රියාත්මක වන පරිදි  නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන් දහසක් (1000) පුහුණුවට බඳවා ගැනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉල්ලුම්පත් කැඳවා සුදුසුකම් මත තෝරාගත් තරුණියන් 1000 ක් වෙත මෙම පුහුණුව ලබාදී ශ්‍රී ලංකාවේ ළමා හා මාතෘ සෞඛ්‍ය සේවා  සවිබල ගැන්වීමට ඔවුන් කඩිනමින් ක්ෂේත්‍රයට යොමු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලාපොරොත්තුවයි.

දිවයින පුරා පිහිටා ඇති පුහුණු මධ්‍යස්ථානවල ක්‍රියාත්මක කරන මෙම පුහුණු වැඩසටහන වෙනුවෙන් අවශ්‍ය මුල්‍යාධාර සැපයීමට සෞඛ්‍ය ලේකම්වරයාගේ උපදෙස් මත ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය (PSSP) අද ක්‍රියාකල බව ව්‍යාපෘති අධ්‍යක්ෂ, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.