උ.පෙ. පිළිතුරු පරික්ෂාවට ආචාර්ය සංගමය තීරණය කරයි

අ.පො.ස. උසස්‍ පෙ‍ළ වි‍භාගයේ ‍උත්තරපත්‍ර පරික්ෂා කිරීමේ කටයුතුවලට සම්බන්ධවීමට තීරණය කළ බව වි‍ශ්වවිද‍්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (04) දින පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදි.

ආණ්ඩුව විසින් පනවන ලද බදු ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියත්මක කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සමග උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමට හා විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීමේ කටයුතු වලින් ආචාර්යවරුන් බැහැරව සිටි අතර,  විධායක සභා රැස්වීමේ දී තීරණයක් අනුව පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමට තිරණය කළ බව ආචාර්ය සංගමය මෙම මාධ්‍ය හමුවේදී පවසා සිටියා.

(විඩියෝ - අද දෙරණ)