දන්සැල් සංවිධායකවරුන්ට PHI සංගමයෙන් කළ විශේෂ ඉල්ලීම

දන්සැල් සංවිධායකවරුන්ට PHI සංගමයෙන් කළ විශේෂ ඉල්ලීම

අද දින ආරම්භ වන වෙසක් සතිය නිමිත්තෙන් සිදුකරන දන්සැල් පරීක්ෂා කිරීමට රටපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන බව බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසයි.

විශේ ෂයෙන් සියලූම දන්සැල් ලියාපදිංචි කළ යුතු බවත්, ඒ සියලූම දන්සැල් පරීක්ෂා කිරීමට පියවර ගැනීමට කටයුතු කරනබ බවත්, ඒ අනුව සියලු සෞඛ්‍ය කොන්දේසි හා වත්පිළිවෙත් අනුගමනය කිරීමට දන්සැල්දීමට කටයුතු කරන අයගේ යුතුකම බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

පිරිසිඳු ජලය හා ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා වඩාත් සැලකිළිමත්ව කටයුතු කරන ලෙසත්, දන්සැල් අවසානයේ එම ස්ථාන පිරිසිඳු කර අපද්‍රව්‍ය නියමිත ස්ථානවලට බැහැර කරන ලෙසත් ඔහු වැඩිදුරටත් දන්සැල් සංවිධායකවරන්ගෙන් ඉල්ලීමක්ද කරනු ලැබීය.