යෝජිත වහල් කම්කරු නීතී හකුලා ගන්න තුරු සටන අත හරින්නේ නෑ - ඇන්ටන් මාකස්

යෝජිත වහල් කම්කරු නීතී හකුලා ගන්න තුරු සටන අත හරින්නේ නෑ - ඇන්ටන් මාකස්

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිවිසුම් දොරටුව ඉදිරිපිටට රැස්වූ (19) දින වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් වීශාල පිරිසක් පැවත්වූ උද්ඝෝෂණයක් පවත්වන ලදි.

එම අවස්ථාව සහභාගී වූ වූ නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා, ආණ්ඩුව ගේන්න සූදානම් වන ඒකාබද්ධ කම්කරු නීතී පනත සම්පූර්ණයෙන් හකුලා ගන්න තුරු සහ ආණ්ඩුව කරගෙන යන EPF මංකොල්ලය නවතන තෙක් දැවන්ත උද්ඝෝෂණ මාලාවක් කිරීමට සූදානම් කර ඇති බවත් ඒ අනුව ලබන ජුලි 21 වන සිකුරාදා කළු සිකුරාදා වක් ලෙස සියලුම සේවක සේවිකාවන් කළු ඇදුමින් සැරසී  සේවයට වාර්තා කිරීමට සූදානම් ව සිටින බවත් ජූලි (25) දිනඅගහරුවාදා කටුනායක බියගම ඇතුළු දිවයින පුරා සේවක සේව්කාවක් කොළඹට පැමිණී මහ බැංකුව ඉදිරිපිට දැවන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ප්‍රකාශ කලේය