මුලයන් සොයමින් අයිතීන් දිනාගැනීමේ පාගමන

මුලයන් සොයමින් අයිතීන් දිනාගැනීමේ පාගමන

මෙරට කඳුකරයේ වතුවල වැඩ කිරීම සඳහා මෙරටට මුලින්ම රැගෙන එන ලද කාන්තා සහ පිරිමි පුද්ගල කණ්ඩායම් පැමිණි ගමන අපි යළිත් සොයමින් සිටින්නෙමු. වසර ගණනාවක් මුළුල්ලෙහි දහස් සංඛ්‍යාත පිරිසක් මන්නාරමට ගොඩබැස එතැන් සිට මාතලේ දක්වා අනතුරුදායක ගමනක් පාගමනින් ගියහ. ඔවුහු රෝග විඳදරා ගනිමින්, කැලෑ එළිපෙහෙළි කරමින්, වනසතුන්ට නිර්භයව මුහුණදෙමින් ගමන් කළහ. බොහෝදෙනෙක්, ඇතැම් කණ්ඩායම්වල 40%කට අධික පිරිසක්, ගමන අතරමඟදී මියගිය අතර, ඔවුන්ගේ සිරුරු භූමදානය කරන ලදී, නැතහොත් බැහැරකර දමන ලදී. මෙයට වසර දෙසියයකට පෙර මෙම දුෂ්කර මඟ පියමං කළ එම මුල්ම පරම්පරාව පිළිබඳ ආවර්ජනයකර, ඔවුන් සමඟ සම්බන්ධවන වන්දනා ගමනක් වූ මෙම ගමනට අප සමඟ එක්වන ලෙස අපි ඔබ සැමට ආරාධනා කරන්නෙමු.

මලෛයහ එළුච්චි පයනම් අනාගතය පිළිබඳවද වේ - එය ශ්‍රී ලංකාවේ නිදහස් හා සමාන පුරවැසියන් ලෙස පිළිගන්නා මෙන් මලෛයහ දෙමළ ප්‍රජාව විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම පිළිබඳවය. මෙයට වසර දෙසීයකට පෙර මෙරටට පැමිණි දා සිට ඔවුන්ගේ පැවැත්ම සඳහා අරගලයක නිරතවීමට සිදුවී තිබේ. ශ්‍රී ලංකාවේ වෙනම සහ මුලික ජන කණ්ඩායමක් ලෙස පිළිගනිමින් සමාන සැලකීමක් ලබාදෙන ලෙස ඉල්ලා වරින්වර බලයට පත්වූ රජයන් වෙත ඉදිරිපත් කළ අඛණ්ඩ ආයාචනාවලින් අපගේ ඉල්ලීම් සමන්විත වේ. මෙය අනෙකුත් ප්‍රධාන ප්‍රජාවන් හා සමානව ස්වාධීන ලංකාවේ/ශ්‍රී ලංකාවේ ජන කණ්ඩායමක් ලෙස අනන්‍යතාවක් සඳහා වන මෙම ප්‍රජාවගේ අරගලය ප්‍රතිරාවය කරයි.

‘මලෛයහ එළුච්චි පයනම්’ අපගේ සහෘද ජනතාව සමඟ සිදු කරන සංවාදයක්ද වේ. මලෛයහ දෙමළ ප්‍රජාවගේ ඉතිහාසය, අරගල, ජයග්‍රහණ, ඔවුන්ගේ දායකත්වය, වත්මන් සමාජ-ආර්ථික හා දේශපාලන තත්ත්වය සහ අභිලාෂයන් පිළිබඳව සිංහල, ශ්‍රී ලාංකික දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් සහෝදර ජනතාව අතර මූලික අවබෝධයක් ඇති කිරීම මෙම ගමනේ අරමුණයි.

‘මලෛයහ එළුච්චි පයනම්’ සියලුදෙනාට විවෘතය. සියවස් දෙකක කාලයක් පුරා මලෛයහ දෙමළ කාන්තාවන් හා පිරිමින් විසින් ලබාදුන් දායකත්වය පිළිබඳ ඔබගේ ඇගයීම ප්‍රදර්ශනය කිරීම සඳහාත්, මලෛයහ දෙමළ ප්‍රජාව වෙත සහයෝගීතාව දක්වමින් ඔබේ හඬ එක් කිරීම සඳහාත්, අප සමඟ එක්ව ඇවිදීමට අපි ඔබ සැමට ආරාධනා කරන්නෙමු. කිලෝමීටර කිහිපයක්, සම්පූර්ණ දවසක් හෝ සම්පූර්ණ ගමන පුරා අප සමඟ සම්බන්ධවීමට අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරන්නෙමු. මෙම ගමන්මාර්ගය පුරා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන්වලටද ඔබට සහභාගී විය හැකිය.

සැබැඳි පුවත්

ඔබට මෙම පාගමනට සහභාගීවීමට නොහැකි නම්, පාගමනට සමගාමීව ඔබ ප්‍රදේශයේ විවිධ ක්‍රියාකාරකම් දියත් කරමින්, චිත්‍ර, රචනා, ගීත, වීඩියෝ සහ සමාජ මාධ්‍ය පළකිරීම් හරහා නිර්මාණාත්මක ලෙස පාගමනට සහයෝගය දැක්වීමට ඔබව උනන්දු කරන්නෙමු. ගෞරවාන්විතව සැලකීමට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් පූර්ණ හා අර්ථවත් ලෙස සහභාගීවීමට මලෛයහ දෙමළ ජනතාවගේ ගමනේදී ඔවුන්ගේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ සංවාදයක සහ සාකච්ඡාවක නිරතවීමට අපි අපගේ සහෝදර පුරවැසියන් දිරිමත් කරන්නෙමු.

මන්නාරම සිට මාතලේ දක්වා ගමන් මාර්ගය සහ වැඩසටහන් සැලසුම

 දිනය   මාර්ගය / ස්ථානය  දුර     වැඩසටහන්
 2023 ජූලි 28     තලෙයිමන්නාරම         සමාරම්භක උත්සවය
 2023 ජූලි 29  තලෙයිමන්නාරම සිට පේසාලෙයි දක්වා  කි.මී.15           
 2023 ජූලි 30   පේසාලෙයි සිට මන්නාරම නගරය දක්වා  කි.මී. 16   මන්නාරම නගරයේ පැවැත්වෙන වැඩසටහන
 2023 ජූලි 31     මන්නාරම නගරයේ සිට මුරුන්කන් දක්වා  කි.මී. 26    
 2023 අගෝස්තු 01    මුරුන්කන් සිට මඩු දක්වා   කි.මී. 26  මඩු නගරයේ පැවැත්වෙන වැඩසටහන
 2023 අගෝස්තු 02  මඩු      
 2023 අගෝස්තු 03    මඩු මංසන්ධියේ සිට චෙඩ්ඩිකුලම් දක්වා  කි.මී. 23

 චෙඩ්ඩිකුඑදිනම වව්නියාව නගරයේ පැවැත්වෙන වැඩසටහනලම් නගරයේ පැවැත්වෙන වැඩසටහන

2023 අගෝස්තු 04     චෙඩ්ඩිකුලම් සිට මැදවච්චිය දක්වා කි.මී. 26 මැදවච්චිය නගරයේ පැවැත්වෙන වැඩසටහන
2023 අගෝස්තු 05 මැදවච්චිය    
2023 අගෝස්තු 06    මැදවච්චිය සිට මිහින්තලේ දක්වා කි.මී. 22 මිහින්තලේ නගරයේ පැවැත්වෙන වැඩසටහන
2023 අගෝස්තු 07  මිහින්තලේ සිට තිරප්පනේ දක්වා කි.මී. 18 තිරප්පනේ නගරයේ පැවැත්වෙන වැඩසටහන
2023 අගෝස්තු 08  තිරප්පනේ සිට කැකිරාව දක්වා කි.මී. 22 කැකිරාව නගරයේ පැවැත්වෙන වැඩසටහන
2023 අගෝස්තු 09  කැකිරාව සිට දඹුල්ල දක්වා  කි.මී. 22  දඹුල්ල නගරයේ පැවැත්වෙන වැඩසටහන
2023 අගෝස්තු 10 දඹුල්ල    
2023 අගෝස්තු 11  දඹුල්ල සිට නාලන්ද දක්වා කි.මී. 22 නාලන්ද නගරයේ පැවැත්වෙන වැඩසටහන
2023 අගෝස්තු 12   නාලන්ද සිට මාතලේ දක්වා  කි.මී. 24 සමාප්ති උත්සවය

 වැඩසටහන් පැවැත්වෙන ස්ථාන සහ වැඩි විස්තර සහිත මෙම සැලැස්ම යාවත්කාලීන කරනු ලැබේ.

මන්නාරම සිට මාතලේ දක්වා වන පාගමන සහ වැඩසටහන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සහ පුළුල් සිවිල් සමාජ සංවිධාන සමූහයක් හා මලෛයහ ප්‍රජාවට අයත් සහ/හෝ ඔවුන් සමඟ කටයුතු කරන පුද්ගලයින්ගෙන් සමන්විත ‘මාන්ඹුමිගු මලෛයහ මක්කල් සාමූහිකය’ විසින් සංවිධානය කරනු ලැබේ.

ඔබ මෙයට සම්බන්ධවීමට, සහභාගීවීමට සහ/හෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමට අදහස් කරන්නේ නම් කරුණාකර අප අමතන්න:

1. එස්. දේවදාසන් 0767341855

2. ගරු එම්. සාමිනාතන් පියතුමා 0712610747

3. ඩැනියෙල් ජේසුදාසන් 0777034136

4. ජේ. සුර්ෂේ 0779915459