හතරවන ළමා ජාත්‍යන්තර සාම සමුළුවේ පළමු ජය ලංකාවේ කස්මිරා දියණියට

හතරවන ළමා ජාත්‍යන්තර සාම සමුළුවේ පළමු ජය ලංකාවේ කස්මිරා දියණියට

4th Children's world peace summit එක සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 12 වසරෙහි ඉගෙනුම ලබන ආර්. එස්. කස්මිරා ජයවීර දියණිය එහි පළමු ත්‍යාගය දිනාගැනීමට සමත් විය.

ජපානයේ ප්‍රථම විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරස්ථානයේදී, විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ගරු සභාපති, අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ සහ විහාරවාසි  භික්ෂූන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබාගන්නා ලදි.

මේ අවස්ථාවට ආර්. එස්. කස්මිරා ජයවීර දියණිය සමග ගමඇතිගේ අනිල් ප්‍රියන්ත මහතා සහභාගි විය.