නව කම්කරු නීති හමුවේ කම්කරු කාන්තාවන්ට වෙන්න යන්නේ මොකක්ද ?

නව කම්කරු නීති හමුවේ කම්කරු කාන්තාවන්ට වෙන්න යන්නේ මොකක්ද ?

වර්තමාන රාජ්‍ය තත්වය අනුව  නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සෘජු බලපෑම වැඩ කරන ජනතාව මත පටවා ඇති අතර එහි බලපෑම සාකච්ඡාවට බඳුන් කිරීමේ වැදගත්කම ඉතා ඉහළය. කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අංගයක් වන ඇඟළුම් ක්ෂේත්‍රයේ බහුතරය වන කාන්තාව බලපෑමට ලක් වෙන ප්‍රධාන අංශය වේ.

මහ බැංකුව විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල විශාලම පාර්ශවකරුවා වන්නේ සේවක අර්ථසාධක අරමුදල වේ. සේවක අර්ථසාධක අරමුදලේ භාරකාරීත්වය පවතින්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුව යි. ඒ අනුව බැඳුම්කර වෙළෙඳපොළේ පොලී අනුපාත මෙහෙයවීම සඳහා මහ බැංකුව විසින් සේවක අර්ථසාධක අරමුදල යොදා ගනී. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල පොලී අනුපාත පාලනයට යොදා ගැනීමේ දී ශ්‍රී ලංකා රජයට ණය ලබා දී ඇත්තේ අඩු පොලී අනුපාතිකයකට යි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව කැබිනට් මණ්ඩලයට යෝජනාවලියක් මේ වන විට ඉදිරිපත් කර ඇත. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල ඇතුලුව අනෙකුත් විශ්‍රාමික අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ සහ රාජ්‍ය බැංකු විසින් ලබා ගෙන ඇති ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට ඇතුළත් වේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී බැංකු විසින් මිලදී ගෙන ඇති බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණයක් සිදුකළහොත්, එහි දී එම ප්‍රතිව්‍යූහගතකරණය හේතුවෙන් බැංකුවල තැන්පත්කරුවන් ගේ තැන්පතුවලට බලපෑමක් සිදුවිය හැකි බවත් ඇතිවන ව්‍යාකූලත්වය හේතුවෙන් බැංකු පද්ධතිය කඩා වැටීමකට තුඩු දිය හැකි බවටත් ඉඟි පළ කරනු ලබයි.

විශ්‍රාමික අරමුදල් විසින් ලබා ගෙන ඇති භාණ්ඩාගාර බැඳුම්කර, කල් පිරීමට දීර්ඝ කාලයක් ගත වන (2027 සිට 2038 දක්වා) භාණ්ඩාගාර බැඳුම්කරවලට පොලි අනුපාත ව්‍යුහයේ පහළ දැමීමක් සමඟ (2025 වසර අවසාන වන තෙක් 12 ක් සහ කල් පිරීමේදි 9 ක් ලෙස) හුවමාරු කිරීමට යෝජනා වී ඇත. විශ්‍රාමික අරමුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහභාගී කරවා ගැනීම ධෛර්යමත් කිරීම සදහා එම ක්‍රියාවලියට සහභාගී නොවන අරමුදල් 30 ක ආදායම් බද්දකට (වර්තමාන බදු අනුපාතය 14 යටත් කෙරේ). එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය ප්‍රතිලාභය 7.7 ක් වන අතර ප්‍රතිව්‍යුහගතකරණයට සහභාගී වන තත්ත්වයක් තුළ සාමාන්‍ය ප්‍රතිලාභය 9.1 ක් වේ.

නව යෝජිත කම්කරු නීතී ප්‍රතිසංස්කරණ අනුව සමුච්චිත වැඩ සතියක් හඳුන්වා දෙන අතර නිවාඩූ, ප්‍රසූතත නිවාඩූ, ප්‍රසූතකාධාර හා සමාජ ආරක්ෂණය බඳු ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් රහිත අර්ධ කාලීන රැකියා, සේවය අවසන් කිරීම සම්බන්ධව පවතින බාධා නව සේවය අවසන් කිරීමේ නීතියක් මඟින් ඉවත් කිරීම, ස්ත්‍රීන් රාත්‍රී සේවයේ යෙදවීමට අදාල සීමා ලිහිල් කිරීම (විශේෂයෙන් ගැබිණි මව්වරුන් හා කිරි දෙන මව්වරුන් රාත්‍රී වැඩ යෙදීවීමට ප්‍රකාශිත අවසරය ලබා දීම),  සහ වැටුප් අනාරක්ෂිතතාවය ඇති කෙරෙන ලෙස වැටුප් වලින් සිදු කරන අඩු කිරිම් ප්‍රමුඛ වේ.

සැබැඳි පුවත්

කාන්තා සිවිල් සමාජ සංවිධානයක් ලෙස සහ කාන්තා වෘත්තීය සමිතියක් ලෙස ඩාබිඳු සාමූහිකය නව කම්කරු නීති ප්‍රතිසංස්කරණය කම්කරු කාන්තාවන් ප්‍රමුඛ වැඩ කරන ජනතාවට හිතකර සහ යහපත් නීති ප්‍රතිසංස්කරණයක් විය යුතු බව අදහසයි. නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සෘජු බලපෑම ස්ත්‍රීවාදී ප්‍රවේශයෙන් කතිකාවට බඳුන් කිරීමේ අවශ්‍යතාවය පවතී.

එබැවින් කම්කරු නීති ප්‍රතිසංස්කරණ සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සෘජු බලපෑම ස්ත්‍රීවාදී ප්‍රවේශයෙන් සංවාදයකට බඳුන් කිරීමට 2023 අගෝස්තු මස 10 වන දින ප.ව. 2.30 සිට 5.00 දක්වා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්වේ.