ඖෂධ ආසාත්මිකතාවයෙන් රොගීන් මියයෑම සාමාන්‍යකරණයට ලක්වීමද ? - රවි කුමුදේස් ප්‍රශ්ණකරයි

ඖෂධ ආසාත්මිකතාවයෙන් රොගීන් මියයෑම සාමාන්‍යකරණයට ලක්වීමද ? - රවි කුමුදේස් ප්‍රශ්ණකරයි

ඖෂධ ආසාත්මික තාවයෙන් රොගීන් මියයෑම සාමාන්‍යකරනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය උත්සහ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේස් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, '' අපි අහන්නෙ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියනවද කියලා ? අපේ පස්සෙ පන්නන්න එපා හොයල බලන්න.. අසාද්මිකතාවය හේතුවෙන් 50 හවිරිදේ පුද්ගලයෙක් ජාතික රොහලේදී පෙරේදා මියගියා.

මේ සමගම කියනව ඔවුන්ටත් අවශ්‍යයි කියලා මේ ඖෂධ නිසාද ? අසාද්මිකතා ඇතිවෙන්නෙ කියලා .. ඇයි අමාත්‍යංශය මේ සම්බන්දව ක්‍රියා කරන්නෙ නැත්තේ.

ඖෂධයේ වැරැද්දක් ද ? ක්‍රමවේදයේ වැරැද්දක්ද කියල දැන ගතයුතුයි.

අසාද්මිකතා ඇතිකල මෙම ඖෂධය WHO රසායනාගාරයට යැවුවේ නැත්තේ ඇයි කියල අපි අහනවා.. '' රවී කුමුදේශ්  මහතා තවදුරටත් ප්‍රශ්න කර සිටියා.

අක්ෂි කාච හිගයක් වාර්තා කරනවා. මේ වනවිට සැපයුම් අන්ශයේ තිබෙන ප්‍රමානය බින්දුවයි.

එහෙම උනාම අපිට අත්දෙකම උස්සන්න වෙනවා හදිසි මිල දිගැනිම් වලට... අක්ශි කාච සදහා ටෙන්ඩර් එක කැන්සල් වෙලා තියනවා. ඇයි කැන්සල් කරේ? එක්කො ටෙන්ඩර් මගඩියක් නිසා ඒක වෙන්න පුළුවන්. නැත්තම් ටෙන්ඩර මගඩියක් සඳහා ඒක කරනවා වෙන්න පුළුවන්.

හදිසි මිල දිගැනිම් වලට යන්න...  මෙකෙදි එක් අක්ශිකාචයකින් 12000 ක විතර හානි වෙනවා. මාසෙකට මිලියන 200-300ක් මෙකෙන් නැතිවෙනවා. අපි කතා කරන්නෙ නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් කිසිදු පුද්ගලයෙක්ට ගහන්න නෙමෙයි. ජි.  විජේසුරිය මහත්තයා කියනව අක්ෂි කාච නැත්තන් හදිස්සි මිලදිගැනිම් කරාම මොකද වෙන්නෙ කියලා. එකට තමයි මේ එන්නෙ ටෙන්ඩර් දාල කැන්සල් කරල කරේ...

අපි ජී විජේසුරිය මහත්තයගේන් අහනවා මාසේකට මිලියන 200-300ක් යනව එක දෙන්නෙ ඔබතුමාගේ සාක්කුවෙන්ද?  නැත්තම් ඥාතීන්ගෙන්ද?  පුහුල් හොරා කරෙන් දැනේ කියල විතරක් අපි කියනවා යයි ඔහු අක්ෂි කාච සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්ණ කර සිටියා.