ගුරු දිනයට රතු කුරුසයෙන් ගුරු සත්කාරයක්

ගුරු දිනයට රතු කුරුසයෙන් ගුරු සත්කාරයක්

මෙවර ලෝක ගුරු දිනය සැමරීම අ‍ර්ථවත් කරමින් මරණින් පසු සිය ඇස් හා ශරීර පටක දන්දීම සදහා පොරොන්දු පත්‍ර ලබා ගැනිමේ වැඩ සටහනක් පසුගියදා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය විද්‍යාලයේ දී පැවැත්වුණි.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජ කොළඹ ශාඛාව, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය රතු කුරුස කවය මෙය සංවිධානය කර තිබුණි.

මෙහි දී   පුද්ගලයන් (150)එකසිය පනහකට ආසන්න පිරිසක්  සිය ශරීර කොටස් මරණයෙන් පසු දන් දීම සඳහා පොරොන්දු පත්‍ර අත්සන් කළහ.ඒ.අනුව ඇස් දන්දීම සදහා දායකයින් අනූඅට දෙනෙක් ද (98)

ශරීර පටක දන් දීම සදහා දායකයින් (48) හතලිස් අට දෙනෙක් ද එම පොරොන්දු පත්‍ර අත්සන් කළ බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ  කොළඹ ශාඛාව පවසයි.

මීට සමගාමීව නොමිලේ පැවැත්වූ වෛද්‍ය සායනයට එම පාසලෙ ගුරු භවතුන් දෙසීයකට (200) ආසන්න වෛද්‍ය පරීක්ෂණ සඳහා එක් වූ බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ  කොළඹ ශාඛාව පවසයි.