වැඩතහනමට ලක්ව සිටී වෛද්‍ය චමල් සංජීව සෞඛ්‍ය අමාත්‍යාංශයට

වැඩතහනමට ලක්ව සිටී වෛද්‍ය චමල් සංජීව සෞඛ්‍ය අමාත්‍යාංශයට
  • හිටපු සෞඛ්‍ය ඇමති හා හිටපු සෞඛ්‍ය ලේකම් කළ වරද නිවැරදි කළ වර්තමාන සෞඛ්‍ය ඇමති හා සෞඛ්‍ය ලේකම්ට තුති.
  • වෘත්තීය හා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් මධ්‍යස්ථව දිගටම පෙනී සිටිනවා.

මාස දාහතකට ආසන්න කාලයක් වැඩ තහනමකට ලක් කොට සිටි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය අමාත්‍යාංශදී යළි රාජකාරි බාරගත්තේය.

දරුවන්ගේ මන්ද පෝෂණය සම්බන්ධව බරපතල තත්ත්වයක් ඇතිවන බැවින් ඒ ගැන අවධානය යොමු කරන්නැයි. ඒ මහතා සිදු කළ ප්‍රකාශයක් මත පදනම්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්තය ගේ නිර්දේශ මත වෛද්‍ය චමල් සංජීව මහතාගේ රාජකාරී වැඩ තහනම් කරනු ලැබුයේ 2011 වර්ෂයේ නොවැම්බර් මාසය දීය.

ඒ මහතාගේ රාජකාරී වැඩ තහනමෙන් පසුව සෞඛ්‍ය පදතියේ අර්බුද උග්‍ර තත්වයට පත් වූ අතර විශේෂයෙන්ම සෞඛ්‍ය ප්‍රසම්පාදන හා තත්ත්වයෙන් බාල ඖෂධ නිසා මිනිස් ජීවිත රැසක් මිය යන ලදී.

දැනට අධිකරණය හමුවේ විභාග වන ප්‍රශ්න සත අහගත ඉමීනෝග්ලොබියවලින් පිළිකා ඖෂධ වංචාව සම්බන්ධයෙන් ද පළමුවරට ජනමාධ්‍ය ඔස්සේ රට දැනුවත් කරන ලද්දේ ඒ මහතා විසිනි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා හා හිසට සෞඛ්‍ය ලේකම්වරයා සිදු කළ වරද නිවැරදි කළ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයාට තමන් ස්තූතිවන්ත වන බවත් ඳු මුදල් ගෙවන ජනතාව වෙනුවෙන් තමන්ගෙන් බලාපොරොත්තු වෙන යුතුකම් හා වගකීම් රාජ්‍ය නිලධාරිවරයෙකු ලෙස මින් ඉදිරියට ද අඛණ්ඩවම ඉටුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය පද්ධතියේ වර්තමාන පයුම් ජාලයන් බිඳ වැටී තිබෙන අවස්ථාවකදී ඒ සම්බන්ධව ලබාදෙන ඕනෑම වගකීමක් කොන්දේසි විරහිතව ඉෂ්ට කරන බවත් වෘත්තිය සමිති නායකයකු ලෙස අඛණ්ඩවම වෛද්‍යවිල් අයිතිවාසිකම් වෙනුවෙන් මධ්‍යස්ථව පෙනී සිටින බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය කාල සීමාවේදී තමා වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිට තහනම් නැගූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ටද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට හා සියලුම වෘත්තිය හා සිවිල් සංවිධාන නායකයින්ටත් ආගමික නායකයින්ටත් ඔහු ස්තුතිය පුද කළේය.

තමා සමග අඛණ්ඩවම මෙම සටනේදී ෙළට සිටගත් සියලුම ජනමාධ්‍ය විශේෂයෙන් සිහිපත් කළ ඔහු ජනමාධ්‍ය නොවන්නට රටේ සෞඛ්‍ය අර්බුද යටපත් වන බැවින් ජනමාධ්‍ය වලට නැවත නැවතත් ස්තුතිය පුදකරන බවද සඳහන් කළේය.

කෙටි කලක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සේවය කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන් පසුව ලැබෙන ඕනෑම තනතුරක වගකීම බාර ගැනීමටත් වෘත්ති හා සිවිල්ල අයිතිවාසිකම් වෙනුවෙන් තම අරගලය සහ සටන ක් අඛණ්ඩවම සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.