විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව ප්‍රකාශයක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව ප්‍රකාශයක්

යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්වෙ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ, අධ්‍යාපනය සම්බන්ධ කිසිදු ප්‍රතිසංස්කරණයක් යෝජනා හෝ ක්‍රියාත්මක කිරීමට පෙර පුළුල් වශයෙන් අදහස් විමසීම් සිදුකළ යුතු බවට අවධාරණයද කළයුතු බවයි.

එම ප්‍රකාශනය පහතින් දැක්වේ.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු!  නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු!

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශය

අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථික අර්බුදයක් මැදය. දිනෙන් දින වැඩිවන ණය බර මධ්‍යයේ අවිනිශ්චිත අනාගතයක් පිළිබඳ සැකසංකා හා බැඳුණු සමාජ-දේශපාලනික ව්‍යසන සමඟ අප දිගටම පොර බදන්නෙමු. පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කරන ලද යෝජනා තුළින් අධ්‍යාපනය සමාජමය දේපලක් හැටියට දැකීමේ මෙරට භාවිතය වෙනස් කරන්නට අර ඇදීම පිළිබඳව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු වශයෙන් අප සැලකිළිමත් වන්නෙමු.  

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපෘතිය සමඟ මෙම ප්‍රතිසංස්කරණ යෝජනා බැඳී පවතින බව අප පෙන්වා දෙන්නේ කෝපයෙන් යුතුවය. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන්කරන අරමුදල් කප්පාදු කරන අතරේ සියළු විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමද රජය සිදු කරයි. බදුගෙවන ජනතාවගේ මුදල් අපතේ හරිමින් විරෝධතා ව්‍යාපාර වල නිමග්න වන බව පැවසෙන විශ්ව විද්‍යාල සිසුන්ගේ ඡායාරූප මාධ්‍ය පුරා සැරිසරයි. ඉහළ මට්ටමේ දේශපාලකයින් රාජ්‍ය විශ්ව විද්‍යාල වල සිසුන් සේවා නියුක්තියට නුසුදුසු බව චෝදනා කරන්නේ ඔවුන් අවශෝෂණය කරගැනීම සඳහා ප්‍රමාණවත් රැකියා වෙළඳපොලක් නොමැති බව කිසිදු සඳහනක් නොකොටය. මේ ආඛ්‍යාන නිසා මෙම ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පමණක් නොව, ගත හැකි එකම ක්‍රියාමාර්ගය බවටද මතයක් සමාජයේ සමහර කොටස් අතර මුල්බැස ගනිමින් පවතී. එහෙත් මෙවැනි ප්‍රතිසංස්කරණ නිසා ඇමෙරිකාව හා එක්සත් රාජධානිය වැනි රටවල උසස් අධ්‍යාපනයට සිදුව ඇති හානිය අරබයා ඇති සාක්ෂි පිළිබඳ එහිදී සාකච්ඡා නොවේ. 

මෙහි නවතම යෝජිත ප්‍රතිසංස්කරණය වන්නේ ළඟදීම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවයි. මෙය කිසිදු ආකාර අදහස් විමසීමකින් තොරව, අදහස් සඳහා විවෘත ආරාධනයක් පමණක් නිකුත් කරන ලදුව ආරම්භ කළ ක්‍රියාවලියකි. මෙමඟින් ප්‍රාථමික, ද්වීතීයික හා තෘතීයික අධ්‍යාපනයේ සිදුකිරීමට නියමිත වෙනස්කම් තුළින් මෙරට ජනතාවගේ හදවත් වලට සමීප නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ පදනම තර්ජනයට ලක්කරයි. යෝජිත ප්‍රතිසංස්කරණ වලින් පාසල් අධ්‍යාපනය සම්බන්ධ බොහෝ වෙනස්කම්ද යෝජනා කොට තිබුණත්, මෙම ප්‍රකාශයේ අරමුණ වන්නේ තෘතීයික අධ්‍යාපනය අරබයා යෝජනා කරන වෙනස්කම් වලට අවධානය යොමු කිරීමයි.    

ව්‍යුහය සහ ආණ්ඩුකරණය

මෙම යෝජනා වලට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපනය කෙරෙනු ඇත. ඒ ඔස්සේ රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සියල්ල එක් අධිකාරියක් යටතට ගෙන එනු ඇති අතර, එතුළ පෞද්ගලික අංශයට සැළකිය යුතු බලයක් හිමිවනු ඇත. මේ ප්‍රතිපත්ති රාමුව තුළ රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන පද්ධතිය පුළුල් කිරීම සඳහා කිසිදු කැපවීමක් දක්නට නොලැබේ. එහෙත් පෞද්ගලික අංශයට වෙන්කෙරෙන අරමුදල් සහ ලබාදෙන සහන පිළිබඳව එහි පැහැදිලිව දක්වා තිබේ. දැනටමත් හිඟ තත්වයේ පවතින රාජ්‍ය අංශයේ සම්පත්, ලාභය මූලික කරගත් පෞද්ගලික තෘතීයික අධ්‍යාපනයට හැරවීමේ ක්‍රමයකි මෙය. ඇත්තෙන්ම මෙම ප්‍රතිපත්ති රාමුවේ මූලිකම අරමුණ ”රාජ්‍ය නොවන හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන්, විශේෂයෙන්ම පොදු-පෞද්ගලික හවුල්කාරීත්වයන් තුළින්” (පිටුව 28) උසස් අධ්‍යාපනයෙහි ලා පෞද්ගලික අංශයේ භූමිකාව ප්‍රසාරණය කිරීමයි.  

තෘතීයික අධ්‍යාපනය සඳහා අරමුදල් සම්පාදනය

වත්මනේ තෘතීයික අධ්‍යාපනය වෙත ප්‍රවිෂ්ටය ලබාගන්නා සිසුන් සංඛ්‍යාව ඉතා අඩු බවට දුක්වන රජය (යෝජිත ප්‍රතිපත්ති රාමුවේ එය උසස් පෙළට මුහුණ දෙන සිසුන්ගෙන් 8.9% ක ප්‍රමාණයක් බවට සාවද්‍ය ප්‍රකාශයක්ද සිදුකරයි), 2022 වසරේදී අධ්‍යාපනයට වෙන්කොට ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2% ක් පමණක් බව ලෝක බැංකු වාර්තා වලට අනුව පෙනේ. එය ලෝකයෙන්ම අධ්‍යාපනයට වෙන්කොට ඇති දෙවැනි අඩුම ප්‍රතිශතයයි. මෙම ආයෝජනය සඳහා රජයට අවශ්‍යතාවයක් ඇති බව පෙනෙන්නට නැත. ඒ වෙනුවට මෙම ප්‍රතිපත්ති රාමුව තුළ රජය යෝජනා කරන්නේ ”පවතින සම්පත් නැවත බෙදාහැරීම, රාජ්‍ය නොවන ක්‍රියාධරයින් සමඟ හවුල්කාරීත්වයන් තුළින් අමතර සම්පත් ලබාගැනීම, සහ පෞද්ගලික පරිත්‍යාග වලින් සම්පත් ලබාගැනීම” (පිටුව 4) යන ක්‍රම ඔස්සේ එම ආයෝජන අවස්ථා සාධනය කරගැනීමයි. 

මෙම ප්‍රතිපත්ති රාමුවෙහි යෝජනා කොට ඇති අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රමය රජයේ විශ්ව විද්‍යාල වල වත්මනෙහි පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම පෙරලා දැමීමකි. ඊට අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා අරමුදල් තුන් ආකාරයකින් සම්පාදනය වනු ඇත: රජයෙන් ලැබෙන ප්‍රතිපාදන, පාඨමාලා ගාස්තු ආදිය තුළින් සිසුන් දක්වන දායකත්වය සහ විශ්ව විද්‍යාලයෙන් සම්පාදනය කරගන්නා අරමුදල් යන ඒවාය. තනි තනි පාඨමාලා සඳහා වෙන්වන අරමුදල් ප්‍රමාණය තීරණය වනු ඇත්තේ ඒවාට බැඳෙන සිසුන්ගේ ප්‍රමාණය මතය. මෙම මාදිලිය තුළ රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සියල්ලටම සිය පැවැත්ම සහ අරමුදල් සඳහා තරඟ වැදීමට සිදුවනු ඇත. 

අධ්‍යාපනයට ප්‍රවේශය

ඓතිහාසිකව, ද්විතීයික හා තෘතීයික මට්ටමේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා විෂමතා අඩුවීම මෙන්ම දරිද්‍රතාවයෙන් බැටකන ජනතාවට ඉන් මිදීමේ මාර්ගයක් විවර වීමද සිදුවිනි. මේ තුළින් මධ්‍යම පාන්තික බොහෝ දෙනා ප්‍රයෝජන ලබා තිබේ. සමහර අධ්‍යයන පාඨමාලා වල පවත්වා ගන්නා දිස්ත්‍රික් කෝටා මෙන්ම වෙනත් එවැනි ව්‍යුහාත්මක වෙනස්කම් වලට සංවේදී ප්‍රතිපත්ති නිසා ස්ත්‍රී-පුරුෂ භාවය, පන්තිය, කුලය, ප්‍රාදේශීය අනන්‍යතාවය වැනි සාධක වල බලපෑමෙන් තොරව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශය ලබාගැනීමේ හැකියාව සිසුන්ට ලැබී ඇත. එය රටේ සමාජ යුක්තිය ප්‍රවර්ධනයෙහිලා ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියේ පැවැත්ම සඳහාද නිදහස් අධ්‍යාපනය වැදගත් වන්නේ එමඟින් සෞඛ්‍ය සේවයට අවශ්‍ය වෘත්තිකයන් අඩු මිලකට නිර්මාණය කරන හෙයිනි.

සිය අරමුදල් ස්වයංව සම්පාදනය කරගැනීම නව ප්‍රතිපත්තියට අනුව විශ්ව විද්‍යාල වල වගකීමක් බවට පත්වන නිසා, යම් දෙනලද අවස්ථාවක විශ්ව විද්‍යාලයක් මඟින් ලබාදෙන පාඨමාලා එම මොහොතේ වඩාත්ම ඉල්ලුමක් ඇති පාඨමාලා බවට පත්වනු ඇත. ඒවාට ඇදී එන සිසුන්ද නාගරික ඉහළ මධ්‍යම පාන්තික සිසුන් වනු ඇත්තේ, රැකියා වෙළඳපොල තුළ වැඩි වාසියක් ඇති ඔවුන්ට විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීම් වලදී වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙනු ඇති නිසාය. යෝජිත ජාතික උසස් අධ්‍යාපන කොමිසම විසින් විදෙස් සිසුන් ආකර්ෂණය කරගැනීම සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීමත්, උපාධිය ලබාගැනීමෙන් පසු ලංකාව තුළ රැකියා අවස්ථා සම්පාදනය කිරීමත් අරමුණු කිරීම තුළ මෙම ගැටළුව තවදුරටත් තීව්‍ර වනු ඇති බව පෙනී යයි (පිටුව 26). 

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සම්බන්ධයෙන් හැරෙන්නට, මෙම ප්‍රතිපත්ති රාමුව තුළ සමාජ විෂමතා ආමන්ත්‍රණය කිරීමේ ක්‍රමවේදයක් දක්වා නොමැත. අධ්‍යාපනය සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම සිසුන්ගේ වගකීමක් බවට පත්වූ විට, ඒ සඳහා රජයේ දායකත්වය එන්න එන්නටම අඩුවනු ඇත. ඉහළ යන අධ්‍යාපන වියදම් වල තේරුම වන්නේ කාලයක් යනවිට ධනවත් පවුල් වලින් පැමිණෙන සිසුන් අධ්‍යාපනයට වැඩි ප්‍රවේශයක් ලබාගනු ඇති බවයි. ඒ තුළින්, පවතින සමාජ අසමානතා තවදුරටත් තීව්‍ර වේ.

මෙවැනි ප්‍රතිපත්තියකින් දැවැන්ත ප්‍රතිවිපාක ඇති වේ. අප දන්නා නිදහස් අධ්‍යාපනය වියැකී යනු ඇත. අධ්‍යාපනයට ඇති සමාන ප්‍රවේශය අහිමි වූ විට සමාජයේ ආන්තික කණ්ඩායම් වලට ප්‍රගමනය සඳහා පවතින ස්වල්පයක් මාර්ග වලින් එකක්ද වැසී යනු ඇත. මෙම ප්‍රතිපත්ති රාමුවෙන් නාගරික ඉහළ මධ්‍යම පාන්තික, දැනටමත් වෙනත් විකල්ප පවතින කණ්ඩායම් වලට බලපෑමක් නොවේ. සමාජ ස්ථායිතාව වෙනුවෙන් කරදර වන පිරිස, නිදහස් අධ්‍යාපනය වියැකී යන්නට හැරීමෙන් ඇතිවන දැවැන්ත අස්ථාවරත්වය අවබෝධ කරගත යුතුය.

යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට අප තදින් විරුද්ධ වියයුතු අතර, අධ්‍යාපනය සම්බන්ධ කිසිදු ප්‍රතිසංස්කරණයක් යෝජනා හෝ ක්‍රියාත්මක කිරීමට පෙර පුළුල් වශයෙන් අදහස් විමසීම් සිදුකළ යුතු බවට අවධාරණයද කළයුතු වේ.

අත්සන් කළේ:

1.         A. K. David, formerly Univ. of Peradeniya

2.         A. M. Navaratna Bandara, formerly Univ. of Peradeniya

3.         Ahilan Kadirgamar, Univ. of Jaffna

4.         Anurudda Karunarathna, Univ. of Peradeniya

5.         Anuruddha Pradeep Karnasuriya, Univ. of Sri Jayewardenepura

6.         Anushka Kahandagama, formerly Univ. of Colombo

7.         Arjuna Parakrama, Emeritus Professor, Univ. of Peradeniya

8.         Aruni Samarakoon, Univ. of Ruhuna

9.         Athulasiri Samarakoon, Open University of Sri Lanka

10.       Asha L. Abeyasekera, formerly Univ. of Colombo

11.       Avanka Fernando, Univ. of Colombo

12.       Ayomi I. Irugalbandara, Open University of Sri Lanka

13.       B. D. R. Prasantha, Univ. of Peradeniya

14.       B. M. H. S. K. Banneheka, Univ. of Peradeniya

15.       Barana Jayawardana, Univ. of Peradeniya

16.       Bhathiya Rathnayake, Univ. of Peradeniya

17.       Chamathka Devasirie Kariyawasam, Univ. of Peradeniya

18.       Camena Guneratne, Open University of Sri Lanka

19.       Chamika A. Silva, Univ. of Peradeniya

20.       Chammika Mallawaarachchi, Univ. of Visual and Performing Arts

21.       Charudaththe B. Illangasinghe, Univ. of Visual & Performing Arts

22.       Chathurika Munasinghe, Univ. of Peradeniya

23.       Chinthaka Chandrakumara, Univ. of Colombo

24.       Chrishantha Abeysena, Univ of Kelaniya

25.       Crystal Baines, formerly Univ. of Colombo

26.       Dayapala Thiranagama, formerly Univ. of Kelaniya

27.       Dewmini Amunugama, Univ. of Peradeniya

28.       Dhamma Dissanayake, Univ.of Colombo

29.       Dhanuka Bandara, Univ. of Peradeniya

30.       Dileepa Witharana, Open University of Sri Lanka

31.       Dilrukshi Abeysinghe, Univ.of Colombo

32.       Dilmi Tharaka, Univ. of Peradeniya

33.       Dimagi Pitawala, formerly Univ. of Peradeniya

34.       Dinuka Wijetunga, Univ.of Colombo

35.       Erandika de Silva, formerly Univ. of Jaffna

36.       A. Janarth, Eastern University, Sri Lanka

37.       F. M. Nawastheen, Open University of Sri Lanka

38.       Farzana Haniffa, Univ. of Colombo

39.       Fazeeha Azmi, Univ. of Peradeniya

40.       G. D. U. P. K. Gamage, Univ. of Peradeniya

41.       Gameela Samarasinghe, Univ. of Colombo

42.       Gananath Obeyesekere, formerly Univ. of Peradeniya

43.       Ganganee Chandima Samaraweera, Univ. of Ruhuna

44.       Gayani Nawarathna, Univ. of Peradeniya

45.       Gayatri Wijekoon, Univ. of Colombo.

46.       Geethika Dharmasinghe, Univ. of Colombo

47.       Gihan de Chickera, formerly Univ. of Colombo

48.       H. Sriyananda, Emeritus Professor, Open University of Sri Lanka

49.       Harshana Rambukwella, formerly Open University of Sri Lanka

50.       Hasini Lecamwasam, Univ. of Peradeniya

51.       Hasintha Wijesekara, Sabaragamuwa Univ. of Sri Lanka

52.       Hasitha Pathirana, Univ. of Kelaniya

53.       Hiniduma Sunil Senevi,  Sabaragamuwa Univ. of Sri Lanka

54.       Ishafa Illiyas, Univ. of Peradeniya

55.       J. Prince Jeyadevan, Univ. of Jaffna

56.       Jayadeva Uyangoda, Emeritus Professor, Univ. of Colombo.

57.       Jennifer Edama, Univ. of Peradeniya

58.       Jinasena Hewage, formerly Univ. of Ruhuna

59.       K. K. G. Randula, Univ. of Colombo

60.       K. M. S. Wimalasiri, Univ. of Peradeniya

61.       Kalpa Rajapaksha, Univ. of Peradeniya

62.       Kamal Wasala, Univ. of Moratuwa

63.       Kamani Sylva, Univ. of Peradeniya

64.       Kanchuka Dharmasiri, Univ. of Peradeniya

65.       Kasun Gajasinghe, formerly Univ. of Peradeniya

66.       Kaushalya Ariyarathne, Univ. of Colombo

67.       Kaushalya Perera, Univ. of Colombo

68.       Kethakie Nagahawatte, Univ. of Colombo

69.       Krishantha Fedricks, Univ. of Colombo

70.       Krishmi Apsara, Univ. of Peradeniya

71.       Kumudu Kusum Kumara, formerly Univ. of Colombo

72.       Lahiruka Madhuwanthi, Univ. of Peradeniya

73.       Liyanage Amarakeerthi, Univ. of Peradeniya

74.       M. A. Nuhman, formerly  Univ. of Peradeniya

75.       M. M. Alikhan, Univ. of Peradeniya

76.       Madhara Karunarathne, Univ. of Peradeniya

77.       Madhubhashini Disanayaka Ratnayake, Univ. of Sri Jayewardenepura

78.       Maduranga Kalugampitiya, Univ. of Peradeniya

79.       Madushani Randeniya, Univ. of Peradeniya

80.       Mahendran Thiruvarangan, Univ. of Jaffna

81.       Mahim Mendis, Open University of Sri Lanka

82.       Manoj Alawathukotuwa, Univ. of Peradeniya

83.       Ven. Muthukeliyawe Indarathana, Univ. of Peradeniya

84.       N. Gafoordeen, Univ.of Colombo

85.       Nadeesh de Silva, Open University. of Sri Lanka

86.       Neavis Morais, Open University. of Sri Lanka.

87.       N. G. A. Karunathilaka, Univ. of Kelaniya

88.       Nicola Perera, Univ. of Colombo

89.       Nira Wickramasinghe, formerly Univ. of Colombo

90.       Nirmal Ranjith Dewasiri, Univ. of Colombo

91.       Nishani Jayaweera, Univ. of Peradeniya

92.       P. Iyngaran, Univ. of Jaffna

93.       Paba Suraweera, Univ. of Peradeniya

94.       Pamuditha Herath, formerly Univ. of Peradeniya

95.       Pavithra Ekanayake, Univ. of Peradeniya

96.       Pavithra Jayawardena, Univ. of Colombo

97.       Prabhath Jayasinghe, Univ. of Colombo

98.       Pradeep Peiris, Univ. of Colombo

99.       Priyantha Fonseka, Univ. of Peradeniya

100.     R. T. Gamalath, Univ. of Peradeniya

101.     R. Angammana,  Univ. of Peradeniya

102.     Rajan Hoole, formerly Univ. of Jaffna

103.     Rajitha Ranasinghe, Univ. of Peradeniya

104.     Ramanie Jayatilaka, formerly Univ. of Colombo

105.     Ramesh Ramasamy, Univ. of Peradeniya

106.     Ramila Usoof, Univ. of Peradeniya

107.     Ramya Kumar, Univ. of Jaffna

108.     Ranjini Obeyesekere, formerly Univ. of Peradeniya

109.     Rohan Laksiri, Univ. of Ruhuna

110.     Ruhanie Perera, Univ. of Colombo

111.     Rumala Morel, Univ. of Peradeniya

112.     Rupika Rajakaruna, Univ. of Peradeniya

113.     Ruth Surenthiraraj, Univ. of Colombo

114.     S. Sivasegaram, formerly Univ. of Peradeniya

115.     S. Arivalzahan, Univ. of Jaffna

116.     Sachini Marasinghe, Univ. of Peradeniya

117.     Sahani Situbandara, Univ. of Peradeniya

118.     Samal Vimukthi Hemachandra, Univ. of Colombo

119.     Saman Dharmakeerthi, Univ. of Peradeniya

120.     Saman Pushpakumara, Univ. of Peradeniya

121.     Samudrika Sylva, Univ. of Colombo

122.     Sandaruwan Subasinghe, Univ. of Peradeniya

123.     Sarala Emmanuel, Open University of Sri Lanka

124.     Sarath Witharana, Univ. of Kelaniya

125.     Sasanka Perera, formerly Univ. of Colombo

126.     Sasinindu Patabendige, formerly Univ. of Jaffna

127.     Saumya Liyanage, Univ. of Visual and Performing Arts

128.     Savitri Goonsekere, Emeritus Professor, Univ. of Colombo

129.     Savitri Kumar, Emeritus Professor, Univ. of Peradeniya

130.     Seetha Bandara, Univ. of Kelaniya

131.     Selvaraj Vishvika, Univ. of Peradeniya

132.     Shalini Wijerathna, Univ of Peradeniya

133.     Shamala Kumar, Univ. of Peradeniya

134.     Shanil Wijesinha, Univ. of Colombo

135.     Shashikala Assella, Univ. of Kelaniya

136.     Shirley L. Wijesinghe, Univ. of Kelaniya

137.     Shyamani Hettiarachchi, Univ. of Kelaniya

138.     Siri Hettige, Emeritus Professor, Univ. of Colombo

139.     Sirima Gajameragedara, formerly Rajarata Univ. of Sri Lanka

140.     Sithumini Rathnamalala, Univ. of Moratuwa

141.     Sivamohan Sumathy, Univ. of Peradeniya

142.     Sudesh Mantillake, Univ. of Peradeniya

143.     Supoorna Kulatunga, Univ. of Peradeniya

144.     T. Sanathanan, Univ. of Jaffna

145.     Tasneem Hamead, Univ. of Colombo

146.     Thiru Kandiah, formerly Univ. of Peradeniya

147.     Udari Abeyasinghe, Univ. of Peradeniya

148.     Ven. Uduhawara Ananada, Univ. of Colombo

149.     Unnathi Samaraweera, Univ. of Colombo

150.     Upul Abeyrathne, Univ. of Peradeniya

151.     Uwin Ariyarathna, Univ. of Peradeniya

152.     Varuni Ganepola, formerly Univ. of Colombo

153.     Vasanthi Thevanesam, Emeritus Professor, Univ. of Peradeniya

154.     Vihanga Perera, Univ. of Peradeniya

155.     Vijaya Kumar, Emeritus Professor, Univ. of Peradeniya

156.     Visakesa Chandrasekaram, Univ. of Colombo

157.     Vivimarie Vanderpoorten, Open University of Sri Lanka

158.     Warshi S. Dandeniya, Univ. of Peradeniya

159.     W. D. N. S. M. Tennakoon, Wayamba Univ. of Sri Lanka

160.     Wijith Rohan Fernando, Univ. of Kelaniya.

161.     W. M. M. P. Hulugalla, Univ. of Peradeniya

162.     W. M. T. P. Ariyaratne, Univ. of Peradeniya

163.     W. T. L. S. Fernando, Sabaragamuwa Univ. of Sri Lanka

164.     Yasas Kulasekara, Univ. of Peradeniya

165.     Yushani Alahakoon, Univ.of Peradeniya