ඉංග්‍රීසි ගුරුවරු 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

ඉංග්‍රීසි ගුරුවරු 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

සැමට ඉංග්‍රීසි" වැඩසටහන යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන ගුරුවරු 2,500ක් බඳවාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4,441ක් වුවත්, ඒ සඳහා ගුරුවරුන් 6,500ක පමණ අවශ්‍යතාවක් පවතින බවත්, බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු ගුරුවරු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු සැලසුම් කරගනිමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් පුළුල් කර ඇති බවත් පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගයීමකදී හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම සිදු කරනු ලබන පාසල් 765ක ප්‍රමාණය 2024 වර්ෂය තුළදී පාසල් 1,000ක් දක්වා වැඩි කරමින් ගුරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරුවරු සංඛ්‍යාව 6,500 දක්වා වැඩි කිරීමටත්, ඒ සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන ගුරුවරුන් 2,500ක් බඳවා ගැනීමටත් ජනාධිපතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.