වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ (MLT) සහ භෞත චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සදහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය (27) දින පැවැත්විණි.
කොළඹ හෙද විදුහල, කඳාන හෙද විදුහල, කොළඹ පශ්චාත් හෙද විදුහල සහ කාසල්වීදිය කාන්තා රෝහල යන විභාග මධ්‍යස්ථාන හතරෙහි පැවැත්වූ මෙම තරඟ විභාගය සදහා අයදුම්කරුවන් 600 කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණි.
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුර සදහා (MLT) 294 දෙනෙකු ද, භෞත චිකිත්සක තනතුර සදහා 200 දෙනෙකු ද බදවා ගැනීමට අනුමැතිය මේ වන විට ලැබී ඇති අතර, මෙම තරඟ විභාගයෙන් සුදුසුකම් ලබන අයදුම්කරුවන් මැයි මාසය අවසන් වීමට ප්‍රථම තනතුරට අදාළ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සදහා බදවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් සැලසුම් කර ඇත.
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ (MLT) තනතුර සදහා අවසන් වරට උපාධිධාරීන් බදවාගෙන වසර හතරකට ආසන්න කාලයක් ගතවී ඇති අතර භෞත චිකිත්සක තනතුර සදහාත් අවසන් වරට උපාධිධාරීන් බදවාගෙන වසර පහකට ආසන්න කාලයක් මේ වන විට ගත වී ඇත.