ඉන්දීය ගුවන් අනතුරින් දිවි අහිමි වූ සැමට සුගතිය උදාවේවා - අති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි

ඉන්දීය ගුවන් අනතුරින් දිවි අහිමි වූ සැමට සුගතිය උදාවේවා - අති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි

පසුගියදා ඉන්දියාවේ ගුජරාත් නුවර අහමදාබාද්  ගුවන් තොටුපොළ ආසන්නයේ සිදු වූ ගුවන් අනතුරින් අප අතරින් වියෝ වූ සැමට ප්‍රාර්ථනා කරන්නා වූ ලෝකෝත්තර සුගතිය උදාවේවායි අප සැවොම ප්‍රාර්ථනා කරමු යැයි ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ  ප්‍රධාන සංඝනායක, සාංචි චේතියගිරි විහාරාධිපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ ඉල්ලා සිටිති.

ලෝක ඉතිහාසයට අතිශය අවාසනාවන්ත සිදුවීමක් එක් කරමින් සිදු වූ මෙම ඛේදවාචකයෙන් විපතට පත් වෛද්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් හා දිවි ගලවා ගත් විශ්වාස කුමාර් රමේශ් මහතාට ඇතුළු සැමට සුවය ප්‍රාර්ථනා කරන අතර, වියෝ වූ ඉන්දීය, කැනඩා, බ්‍රිතාන්‍ය හා පෘතුගාල රාජ්‍යයන් හි සැමගේ පවුල්වල සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය  ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමන් ඇතුළු සමස්ත ඉන්දීය ජනතාව සමඟ එම ශෝකය බෙදා ගැනීමට ලාංකේය ජනතාව සමඟ වසර සියයකට වඩා ඉතිහාසයක් තුළ ඉන්දීය ජනතාව සමඟ  සමීපව කටයුතු කරන  ශ්‍රී ලංකා මහබෝධි සංගමය එක්වන බව අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ වැඩිදුරටත් පවසති.

දිවියෙන් සමුගත් සැමට ඔවුන්ගේ ආගමානුකූලව ප්‍රාර්ථනා කළ විමුක්තිය ලැබේවායි බෞද්ධාගමානුකූලව පිං අනුමෝදන් කිරීමේ කටයුතු සිදු කරන බව ද නා හිමියෝ  වැඩිදුරටත් දන්වා සිටිති.

| උපුල් ජනක ජයසිංහ

(file photo)