ශ්‍රී ලංකා තොරතුරු කොමිසන් සභාවේ තනතුරු දීර්ඝ කාලයක් හිස්ව පැවැති අතර, විවිධ අයගේ නම් මේ සඳහා යෝජනා වී තිබුණත් අවසානායේ තොරතුරු කොමිසමේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී දයා ලංකාපුර රජය මඟින් පත්කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්මෙම පත්වීම සිදුකර ඇත.
ඔහු 1965 දී කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන ‘ඇත්ත’ පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ අතර, ලංකාපුර දිවයින, සිළුමිණ, දිනමිණ, රිවිර සහ ලක්බිම පුවත්පත්වල මෙන්ම බීබීසී සංදේශය වාර්තාකරු සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ද සේවය කරන ලදි.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන අතර, මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 60කට වැඩි කාලයක් සේවය කර ඇති ප්‍රවීණ මාධ්‍යවේදියෙකි.
ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීමේදී පුරෝගාමි මෙහෙවරක් ඉටුකළ ජනමාධ්‍යවේදියකි.