විකිරණ තාක්ෂණවේදීන් වර්ජනය අත්හරී

විකිරණ තාක්ෂණවේදීන් වර්ජනය අත්හරී

ඉල්ලීම් ඉටු කිරීම හේතුවෙන් අද (09) දින ක්‍රියාත්මක කිරීමට තිබූ වචන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කල බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයා මූලික විමර්ශනයේ අතරමැදි වාර්තාවේ නිර්දේශයන්ට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ ලිඛිත නියෝගය 06වෙනිදා  රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත ලබා දීඇත. මේ සම්බන්ධයෙන් සිදුකරන මූලික විමර්ශනයේ වාර්තාව අනුව ජනවාරි 29 වෙනිදා වන විට අදාළ නියෝගය නිකුත් කරන්නයි උපදෙස් ලබා දී තිබුණද ඊට අදාළ උපදෙස් ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රමාද කිරීම සිදුකරන ලදී. මෙම තත්ත්වය යටතේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යය හංසක විජයමුණි මහතා සංගමය සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව වහාම මැදිහත්වී අදාල නියෝගය පෙබරවාරි 05 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකර ඇත.

ඒ අනුව ඊයේ රාත්‍රියේ රැස්වූ විධායක සභාව 09 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියා මාර්ගය අත්හිටුවීමට තීරණය කරන ලදී.

සබැඳි පුවත්

විශේෂයෙන්ම මෙම අවස්ථාවේදී සෞඛ්‍ය නියෝජ ඇමතිවරයාගේ මැදිහත්වීම සම්බන්ධව ස්තුතිය පළ කරන අතරම මේ ආකාරයෙන් වරදකරුවන් ආරක්ෂා කිරීම සඳහා පෙළඹෙන සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධයෙන් බරපතල විවේචනය සංගමය විසින් ඉදිරිපත් කොට ඇත. 2024 වර්ෂයේ සිටම මාලිගාවත්ත රෝහලේ සිදුවූ මෙම නීති විරෝධී ක්‍රියාසම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන නියෝජාචක්ෂකවරයා ආරක්ෂා කිරීමට කටයුතු කළේම මෙවැනි සෞඛ්‍ය බලධාරීන් බව සංගමය ප්‍රකාශයට පත්කොට ඇත. ඒ අනුව ඉදිරියේ ඉදිරියේ දී මේආකාරයෙන් විනය විරෝධී, නීති විරෝධී සහ වංචා දූෂණයන්හි නිරත වෙන සෞඛ්‍ය සේවාවේ ඉහළ නිලධාරීන් පරිපාලන නිලධාරීන් සම්බන්ධව තොරතුරු වාර්තා කිරීමට අප සංගමය කටයුතු කරන අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් විශේෂ අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම මේ වන විට ලංකාවේ පුද්ගලික රෝහල්වල නීති විරෝධී ලෙස විකිරණ තාක්ෂණවේදීන් ලෙස කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරවන ලෙසද සෞඛ්‍ය බලධාරීන්ගෙන් සහ පරමාණුක බලශක්ති නියාමන සභාවෙන් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඉල්ලා සිටී.