කම්කරු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කම්කරු දෙපාර්තුමේන්තුවට විවෘත තරග විභාගයකින් තෝරා ගත් නව කම්කරු නිලධාරින් පිරිසකට (16) දින පත්වීම පිරිනැමුණා.
ඒ කම්කරු අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නාරාහෙන්පිට පිහිටි 'මෙහෙවර පියස' කම්කරු අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේදීය.
මෙහිදී සංකේතීයව නව කම්කරු නිලධාරින් 38 දෙනෙකුට පත්වීම ලිපි ප්‍රදානය කෙරිණි.
උත්සවය අමතමින් කම්කරු අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ සියලු දර්ශක හා නිර්ණායක මගින් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථික විශ්වසනීයත්වය හිමිකර ගෙන ඇති බවයි.
ඒ සඳහා අදූෂිත දේශපාලන තන්ත්‍රය සහ සියලු පාර්ශවයන්හි කැපවීම හේතු වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද මෙහිදී අදහස් පළකළා.
ඔහු සඳහන් කළේ පසුගිය ආණ්ඩු සමයේ අනිසි දේශපාලන බලපෑම් වලට ලක් වූ රාජ්‍ය සේවය වර්තමානය වන විට නිවරදි දිශානතියක් කරා ගමන් කරමින් සිටින බවයි
මෙම අවස්ථාවට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ , කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

