ළමා ශ්‍රමය සම්පූර්ණයෙන් තුරන් කිරීමට නම් දුප්පත්කම පිටුදැකීම අතිශය තීරණාත්මක වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
මොරොක්කෝ රාජ්‍යයේ මරාකේශ් නගරයේ පැවැත්වෙන ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ 6 වැනි ගෝලීය සම්මන්ත්‍රණයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙම සම්මන්ත්‍රණය ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමඟ මොරොක්කෝ රජය එක්ව සංවිධානය කර ඇත.
සම්මන්ත්‍රණයට සමගාමීව පැවැති ඉහළ පෙළේ මාණ්ඩලික සාකච්ඡාවකදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වැඩිහිටියන්ට සුනිත්‍ය රැකියා සහ සාධාරණ වැටුප් හිමිවන විට ළමුන් ළමා ශ්‍රමයට යොමුවීම අවම කළ හැකි බවයි.
එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් රජය 2025 වසරේ ජාතික අවම වැටුප සියයට 50කින් ඉහළ දැමීමට පියවර ගත් බවත්, වතු සේවක වැටුප් සැලකිය යුතු ලෙස වැඩි කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම රාජ්‍ය සේවක වැටුප් ද ප්‍රතිශතයක් ලෙස ඉහළ දැමීමට රජය කටයුතු කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ග සේවක ආදායම් ආරක්ෂා කිරීම සහ පවුල් ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් ළමා ශ්‍රමය අවම කිරීමට උපකාරී වන බව මහින්ද ජයසිංහ මහතා පෙන්වා දුන්නේය.
එසේම පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාව ළමා ශ්‍රමය අවම කිරීම සඳහා ප්‍රගතියක් ලබා තිබුණද, එය තවමත් අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රවල සහ පවුල් පදනම් වූ කාර්යයන් තුළ සැඟවුණු ආකාරයෙන් පවතින බවද ඔහු සඳහන් කළේය.
ළමා ශ්‍රමය සම්පූර්ණයෙන් තුරන් කිරීම සඳහා ප්‍රජා මට්ටමේ සහයෝගය, ශක්තිමත් සමාජ ආරක්ෂණ පද්ධති සහ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.
ලොව රටවල් නියෝජනය කරමින් විෂය භාර අමාත්‍යවරුන්, වෘත්තීය සමිති නායකයින්, සේවායෝජකයන්, සේවක නියෝජිතයින් සහ විෂය ප්‍රවීණයින් රැසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වී ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.
පසුගිය 11 වැනිදා ආරම්භ වූ මෙම ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ 6 වැනි ගෝලීය සම්මන්ත්‍රණය (13) අවසන් විය.

