කොරියානු සරසවි සිසුහු මෙරට ප්‍රජා සේවා රැසකට එක්වෙති

කොරියානු සරසවි සිසුහු මෙරට ප්‍රජා සේවා රැසකට එක්වෙති

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ආරාධනයෙන් දකුණු කොරියාවේ Changshin  විශ්ව විද්‍යාලයේ මහාචාර්ය LEE MYEONGAE මහත්මිය හා මහාචාර්ය රජිත කෞශල්‍ය මහතා ඇතුළු එම විශ්වවිද්‍යාලීය සිසු සිසුවියන් දාහතර (14) දෙනෙකු මෙරටට පැමිණ පසුගිය දිනවල ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා ඒකාබද්ධව විවිධ ස්වෙච්ඡා ව්‍යාපෘතිවල නිරත වූහ.

මාසයකට ආසන්න කාලයක් මෙරට රැදී සිටි එම පිරිස  කොළොන්නාව සේදවත්ත නවලෝකපුර විහාරස්ථානයේ දී වෛද්‍ය සායනයකට  ද සතියක  කාලයක් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ කොරියානු භාෂාව හදාරන සිසුන් හැට (60) දෙනෙකු  හා එක්ව කොරියානු භාෂාව පුහුණු හා එරට සංස්කෘතිකාංග හඳුන්වාදීමේ වැඩමුළු මාලාවක් ඇතුළු විවිධ වැඩ සටහන්වලට එක් වූ බව ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පැවසුවාය .

මේ අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මැතිතුමන්, මධ්‍යම පාලක මණ්ඩල සමාජික රුක්ෂාන් පීරිස් මහතා සහ අමිල කංකානම්ගේ මහතා යන අය   ද එක් වූහ.