පොලිස් අත්අඩංගුවට පත් ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීරගේ ආරක්ෂාව තහවුරු කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලයි
දීර්ඝ කාලයක් තිස්සේ විදෙස් ගතව සිට දිවයිනට පැමිණි ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අධිකරණ නියෝගයක් අනුව බව කියැවේ.
මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර මහතා දීර්ඝ කාලයක් තිස්සේ රටින් බැහැරව සිටියේ සිය මාධ්‍යකරණය හේතුවෙන් එල්ල වූ ජීවිත තර්ජන නිසාය. එබැවින් මෙම පොලිස් අත්අඩංගුවට පත්වීම තුළදී පවා ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු විය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතයයි.
එසේම අප විසින් විමර්ශනය කරන ලද මාධ්‍ය වාර්තාවල සඳහන් කරුණු අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග නිකුත්ව ඇත්තේ 2016 වසරේදීය. මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ඊට අදාළවද යන්න පිළිබඳව මෙතෙක් අප වෙත තහවුරු වී නැත.
එබැවින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපක්ෂපාතී හා සාධාරණ නීති කෘත්‍යයකට ඔහුට ඇති අයිතිය ආරක්ෂා කර දෙමින් ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.

