විදුලි වෘත්තීය සමිති වර්ජනය අවසන්

විදුලි වෘත්තීය සමිති වර්ජනය අවසන්

පසුගිය 09 වැනිදා  සවස 03.00 සිට ක්‍රියාත්මක කරන ලද  විදුලි සේවක වැඩ වර්ජනය අද (11) දින සවස 5.00 සිට අවසන් කිරීමට වෘත්තීය සමිති එකඟත්වය පළකළා.

ඒ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ මැදිහත් වීමෙන් කම්කරු අමාත්‍යංශයත් කම්කරු දෙපාර්තමේන්තුවත් අදාළ වෘත්තීය සමිති සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

එම සාකච්ඡාවකදී වෘත්තීය සමිති සහ සමාගම් පාලනාධිකාරිය කාර්මික ආරවුල් පනතේ 12.1 ගිවිසුමකට අත්සන් කරමින් මෙම එකඟතාවයට පැමිණියා.

 මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යංශ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ඇතුළු කම්කරු අමාත්‍යංශයේ නිලධාරින් කිහිපදෙනෙකුද සහභාගි වුණා.