සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීම පිළිබඳව මැදිහත් වීමක් කරන ලෙස මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි

sandaruwan-senadheera

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රකාශන නිදහස වෙනුවෙන් සඳරුවන් සේනාධීර මහතා ඉටු කළ සුවිශේෂී මෙහෙවර මෙන්මල මාධ්‍යවේදියෙකු ලෙස ඔහු මුහුණ දී ඇති මෙම සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ලංකා ඊ නිව්ස් කර්තෘ මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව මැදිහත් වීමක් කරන ලෙස මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

ලංකා ඊ නිව්ස් කර්තෘ මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව මැදිහත් වීම

තම මාධ්‍ය වෘත්තිය නිසා ජීවිත තර්ජනවලට ලක්ව වසර 16කට අධික කාලයක් විදේශගතව ජීවත් වීමට සිදු විය. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර මහතා අද (11) දින දිවයිනට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ (FMETU) දැඩි අවධානය යොමුව තිබේ.

ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) නියෝජනය කරන මෙරට ප්‍රධාන සංවිධානයක් ලෙසල මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති නෛතික හා සදාචාරාත්මක කරුණු කිහිපයක් පිළිබඳව ඔබේ කාරුණික අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ 2016 නොවැම්බර් 25 වැනිදා එවකට ගම්පහ මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය නිකුත් කළ වරෙන්තුවක් මත බව වාර්තා වේ. ඊට පාදක වී ඇත්තේ 2009 වසරේ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයකි.

අපගේ නිරීක්ෂණය අනුව උක්ත මහේස්ත්‍රාත් විමර්ශනය මේ වන විට ක්‍රියාත්මක නොවන අතරල එම පරීක්ෂණ අවසන් කොට මහාධිකරණයේ අධිචෝදනා පවා ගොනු කර ඇත. එවැනි පසුබිමක පැරණි මහේස්ත්‍රාත් වරෙන්තුවක් තවමත් ක්‍රියාත්මක වීම බරපතල ගැටලුවකි.

අදාළ වරෙන්තුව නිකුත් කළ මහේස්ත්‍රාත්වරියගේ ක්‍රියා කලාපය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය විසින් ඊට පෙර දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණි. එවැනි පසුබිමකල හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට අදාළ සැකකරුවකුගේ (ප්‍රේම් ආනන්ද උදලාගම) ඡායාරූපයක් පළ කළ බව පවසමින් වරෙන්තු නිකුත් කිරීම මහේස්ත්‍රාත්වරියගේ ක්‍රියා කලාපයෙහි බැඳියාවන් අතර ගැටුමක් තිබූ බව අපගේ අදහසයි.

සඳරුවන් සේනාධීර මහතා දැනට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා සිටින අයෙකු වන අතර ඔහු මෙරටට පැමිණියේ වලංගු වීසා බලපත්‍රයක් මතය.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රකාශන නිදහස වෙනුවෙන් සඳරුවන් සේනාධීර මහතා ඉටු කළ සුවිශේෂී මෙහෙවර මෙන්මල මාධ්‍යවේදියෙකු ලෙස ඔහු මුහුණ දී ඇති මෙම සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගනිමින්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබගේ කඩිනම් මැදිහත් වීම අප අපේක්ෂා කරමුග ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කිරීම වෙනුවෙන් පෙනී සිටින වත්මන් රජයල මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

සියලු කරුණු සලකා බලා මෙය සුවිශේෂී තත්වයක් ලෙස සලකමින් ඔහුගේ නිදහස්වීමට රජයේ සුදුසු මැදිහත්වීමක් අපේක්ෂා කරමු.