කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශ්‍රම කළමනාකරණවේදී  උපාධිය හා ශ්‍රම අධ්‍යාපන  ඩිප්ලෝමා පාඨමාලාවක්

university-of-sri-lanka

පාඨමාලා ගාස්තුවකින් තොරව පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ  ශ්‍රම කළමනාකරණ වේදී    උපාධිය හා ශ්‍රම අධ්‍යාපන  ඩිප්ලෝමා පාඨමාලාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ  කාර්ය මණ්ඩල වෙත හඳුන්වාදීමේ  විශේෂ රැස්වීමක්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පසුගිය (2026/03/30) දින පැවැත්විනි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම්, ප්‍රවත්‍ති හා ප්‍රචාරණ, ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා එහිදී  පිලිගැනීමේ කතාව සිදු කරමින් පැවසුවේ  අධ්‍යාපනය ලැබීම  සඳහා කිසිවෙකු වයස බාධාවක්  සිදු නොකර ගත යුතු බවයි.එසේම අධ්‍යාපනය නිසා මිනිසා පරිපූර්ණ වන බවද ජ්‍යෙෂ්ට සහකාර ලේකම්වරයා පෙන්වා දුන්නේය කාර්‍ය මණ්ඩලය නිරන්තරයෙන්ම  අධ්‍යාපනය ලැබීම  සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශය  දිරිමත් කරන බවද  තෙන්නකෝන් මහතා සඳහන් කලේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ, මානව සම්පත් අභිවර්ධන ආයතනයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය සුගන්ධිකා සඳමාලි මහත්මිය ඇතුළුව එම විශ්ව විද්‍යාලයේ  අධ්‍යන හා අනධ්‍යයන කාර්‍ය මණ්ඩල,සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නිලධාරීන් සහ කාර්‍ය මණ්ඩලය ඇතුළු  පිරිසක් රැස්වීමට එක්ව සිටියහ.