වෛද්‍ය පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි

health-news

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් 2025.07.04 දිනට සීමාවාසික පුහුණුව සාර්ථකව අවසන් කළ වෛද්‍ය උපාධිදාරීන් 453 දෙනා සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරි පත්වීම් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026.04.04 දින දහවල් 12.00 වන අතර, එම නියමිත කාල සීමාව තුළ අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්‌ය වේ.

නියමිත අවසන් දිනයට පෙර අයදුම්පත් ඉදිරිපත් නොකරන අයදුම්කරුවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කිසිදු වගකීමක් භාර නොගනු ඇත.