ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

Chartered-Institute-of-Media-Professionals-of-Sri-Lanka

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන (Chartered Institute of Media Professionals of Sri Lanka) පනත් කෙටුම්පතට 2026 මාර්තු මස 30 දින රැස්වූ කැබිනට අනුමැතිය ලබාදීමට කටයුතු කර ඇත.

වරලත් ජනමාධ්‍ය වෘත්තීයවේදීන් බිහි කිරීමේ සහ මෙරට මාධ්‍ය සමාජයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම උදෙසා නිපුණතාවෙන් යුත් විද්වත් මාධ්‍ය වෘත්තීයවේදීන් පිරිසක් බිහි කිරීමේ අරමුණින් අදාළ අධ්‍යයනයන් සිදු කිරීමට අවශ්‍ය පුහුණු ආයතනයක අවශ්‍යතාව සපුරාලීම සඳහා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2025-04-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ.

එම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අවසන් පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමතය ලබාදී ඇත.