උතුරේ දූපත් පාසල්වල දුෂ්කරතා දීමනා අහිමි කිරීමෙන් ගුරුවරුන් දැඩි අපහසුතාවයක  

joshp-staling

උතුරේ දුෂ්කර දූපත්වල සේවය කරන ගුරුවරුන් සඳහා දුෂ්කරතා දීමනා අත්හිටුවීම හා  මෙහි සේවය කරන ගුරුවරුන් මුහුණ දෙන අභියෝගාත්මක ගැටළු තත්ත්වයන් නොසලකා හැරීම උතුරු පළාතේ අධ්‍යාපන බලධාරීන් නොසැලකිලිමත්කම නිසා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලෙකම් ජෝසප් ස්ටාලින් චෝදනා කරයි.

යාපනය දිස්ත්‍රික්කයේ දූපත් පාසල්වල දුෂ්කර තත්ත්වයන් නිවැරදිව තක්සේරු කිරීමට පළාත් නිලධාරීන් අපොහොසත් වීම සම්බන්ධයෙන් මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා යැවීමට කටයුතු කරන බව ජෝසප් ස්ටාලින් පැවසීය.

මෙහිදී මෙම අසාධාරණයට ලක්වූ ගුරුවරුන් ඩෙල්ෆ්ට් (නෙඩුන්තීව්), නයිනතිව්, අනලයිතිව් සහ එලුවයිතිව් යන දූපත්වල සේවය කරනු ලබන අතර, එම පාසල් සඳහා ගමනාගමන පහසුකම් සපයා ගැනීමට මුහුදෙන් යාමට සිදුව ඇති අතර, එය බොහෝ අවස්ථාවල අනාරක්ෂිත හා දුෂ්කර ගමනක් බවට පත් ඇත.

මෙහි පාසල් 16 ක ගුරුවරුන් 174 දෙනෙකුට දුෂ්කරතා දීමනා අහිමි වී ඇති අතර, ඩෙල්ෆ්ට් හි ගුරුවරුන් 92 ක්, නයිනතිව් හි 46 ක්, අනලයිතිව් හි 23 ක් සහ එළුවයිතිව් හි 13 ක් වේ.

මෙම දූපත්වල සේවය කරන ගුරුවරුන් බොහෝ විට හුදකලා සහ සම්පත් සීමිත පරිසරයක සේවය කරන අතර, යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා සීමිතය. මෙවැනි අවස්ථාවකදී ඔවුන්ගේ දීමනා ඉවත් කිරීම රටේ වඩාත්ම අඩු සේවා සපයන කලාපයක සේවය සපයන මෙම ගුරුවරුන්ට ඉතා දැඩි අසාධාරණයකට ලක්ව ඇති බව ගරු සංගම් නායකයා වැඩිදුරටත් පවසා සිටී.

(Jaffna monitor)