රාජ්‍ය සේවාවේ බදවා ගැනීම්වලදී කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීම් හෝ අමාත්‍යවරයාගේ නාම ලේඛණ ඉදිරිපත් කිරීමක් සිදු නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර - III ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරී තනතුර සඳහා 326 දෙනෙකු හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් අද (28) පෙරවරුවේ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර - III ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරී තනතුරු 600ක් සඳහා බදවා ගැනීමට අයදුම්කරුවන් ගෙන් අයදුම්පත් කැදවන අතර පසුගිය වර්ෂයේ අගභාගයෙදී ඊට අදාළව පැවැත්වූ තරග විභාගය සමතුන්ගෙන් සම්මුඛ පරීක්ණයට ඉදිරිපත් වී නිසි සුදුසුකම් සම්පූර්ණ කරන ලද 326 දෙනෙකු හට මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.
අද පත්වීම් ලැබූ මෙම නිලධාරීන් දිස්ත්‍රික් මට්ටමින් බදවා ගැනීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇති අතර පලාත් මට්ටමින් ස්ථාපිත කර ඇති තැපැල් අභ්‍යාස ආයතනවල සති දෙකක විශේෂ පුහුණුවකින් පසු අදාළ රාජකාරී කටයුතු සදහා තැපල් කාර්යාල වෙත අනුයුක්ත කිරීමට ද එම දෙපාර්තුමේන්තුව සැලසුම් කර ඇත.
පත්වීම් ප්‍රදානය කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම තනතුර සදහා අයදුම්කරුවන් විසිදහසක් ඉල්ලුම්කර තිබුණු බවත්, නිලධාරීන් 600ක් බදවා ගැනීමට අනුමැතිය ලබා තිබිය දීත්, පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයේ දී නිසි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ගෙන් 326 ක් පමනක් තේරීපත් වූ බවත් සදහන්කර සිටියේය.
මෙරට රාජ්‍ය සේවාවට ඇතුලත් වීමට තරගකාරීත්වයක් පවතින බව අවධාරණය කල අමාත්‍යවරයා එම තනතුරුවලට බදවා ගැනීමට කටයුතු කරනුයේ ප්‍රසිද්ධ ඉල්ලුම්පත් කැදවීමකින්, තරග විභාග සහ ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වමින් බව ද පැවසීය.
රාජ්‍ය සේවාවේ බදවා ගැනීම්වලදී කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීම් නොමැති බවත්, ඒ සදහා අමාත්‍යවරයාගේ නාම ලේඛණ ද නොමැති බවත් සදහන්කල අමාත්‍යවරයා ඒ සදහා මනාපයක් ඇති සුදුසුකම් ඇති අයට ඉල්ලුම් කිරීමට හැකියාව ඇති බවත්, සුදුසුකම් මත පමණක් බඳවා ගැනීම් සිදුකරන බව ද අවධාරණය කර සිටියේය.
මෙම පත්වීම ලබන අද දිනයේ දී තිබෙන අධිෂ්ඨානය එලෙසම විශ්‍රාම යන තුරුම පවතීවි යැයි අපේක්ෂා කරන බව සදහන්කල අමාත්‍යවරයා රාජ්‍ය සේවාවට මෙම පිරිස ඇතුලත් වන්නේද විශේෂ අවස්ථාවක බව ද පෙන්වා දෙන ලදී. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2025 වර්ෂයේ මාර්තු මාසයේ පැවැත්වූ අයවැයෙන්ම රාජ්‍ය සේවකයින්ට දැනෙන වැටුප් වැඩිවීමක් සිදුකල බවද පැවසීය.
මෙම වසර කිහිපය සදහා මීට අදාල මුදල්ද භාණ්ඩාරයෙන් වෙන්කිරීමට කටයුතු කල බවත්, අතට නොලැබුණු මූලික වැටුපකට අතිකාළ ලබා දීම කටයුතු කල බවත් මෙය ඉතිහාසයේ කවරදාවත් සිදු නොවුනු සිදුවීමක් බව ද සදහන්කර සිටියේය.
2016 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවාවට ඇතුලත්වන අයට විශ්‍රාම වැටුප ලැබෙයිද නොලැබෙයිද යන අවිනිශ්චිත තත්ත්වයක ඔවුන් පසු වූ බවත්. එවක පැවති රජය විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කරමින් සිටි බවද සිහිපත් කල අමාත්‍යවරයා 2016 වර්ෂයේ සිට රාජ්‍ය සේවාවට එක්වුණු සියලු අයට විශ්‍රාම වැටුප් අයිතිය ලබා දීමට කැබිනට් මණ්ඩල තීන්දුවක් ගත් බවත්, මෙම පිරිස රාජ්‍ය සේවාවට එක්වනුයේ විශ්‍රාම වැටුප් අයිතිය සමග බවද අමාත්‍යවරයා පැවසීය.
රුපියල් මිලියන 50කට අධික මුදලක් ධාරීතා සංවර්ධනය සදහා ද වෙන් කර ඇති බවත්, එමගින් තොරතුරු තාක්ෂණය ඇතුලු විෂයන්හි දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් සදහන්කල අමාත්‍යවරයා සමස්තයක් ලෙස රාජ්‍ය සේවාට බදවා ගැනීම යම් සීමිත තත්ත්වයට මේවන විට ගෙන තිබෙන බවත්, බදවා ගන්නා අයට අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.
රාජ්‍ය සේවාවට වසර ගනනාවක සිට පී.එල්. කාණ්ඩය යටතේ බදවා ගෙන සිටින දසදහස් ගණනක් බදවා ගැනීමේ දී සිදුවූ විවිධ කරුණු උල්ලංගණය වීම හේතුවෙන් මෙතෙක් ස්ථිර කර නොමැති බව අවධාරණය කල අමාත්‍යවරයා ඒ සියලු කරුණු මේවන විට සලකා බලමින් ඒ සියලු දෙනා ස්ථිර කිරීමට ඊයේ කැබිනට් මණ්ඩලයේ දී යෝජනාවක් සම්මතකල බවත් සදහන්කර සිටියේය.
වත්මන් රජය බදවා ගැනීම් සිදුකරනුයේ අවශ්‍යකරන පුරප්පාඩු ප්‍රමාණය නිසිලෙස ගණනය කරමින් බව පැවසූ අමාත්‍යවරයා මෙම නිලධාරීන් තැපැල් සේවාවට ඇතුලත්වනුයේ තැපැල් සේවාව නව්‍යකරනයට පරිවර්තනයවන වකවානුවක බව පැවසීය. පසුගිය වසර එක හමාරක කාලය තුලදී තැපැල් සේවාවට පැවති අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කිරීමට හැකියාව ලැබුණු බවද ඒ මහතා පැවසීය.
තැපැල් දෙපාර්තුමේන්තුවේ නව ගොඩනැගිලි ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 600 ක් පසුගිය වර්ෂයේ දී වෙන්කල බවත්, පවතින ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා තවත් රුපියල් මිලියන 600ක් වෙන් කල බවත් සදහන්කල අමාත්‍යවරයා මෙරට තැපැල් සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 590 කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10 ක් සහ කෲ කැබ් 20 ක් මෙරට තැපැල් ප්‍රවාහන ජාලයට එක් කිරීමට කටයුතු කල බවත්, මීට අමතරව උපකරණ ඇතුලු භෞතික සම්පත් සංවර්ධනය සදහාද තවත් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කල බවද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී සදහන්කර සිටියේය.
තැපැල් දෙපාර්තුමේන්තුවට තැපැල් කාර්යාලයකටම, උප තැපැල් කාර්යාලයකටම නිෂ්චිත ඉලක්ක තිබෙන බව සදහන්කල අමාත්‍යවරයා සෑම මෙම වර්ෂයේ දී මිලියන 15000ක අපේක්ෂිත ඉලක්කයකට යාමට සලසුම්කර ඇති බවද මෙහි දී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපා ලියනගේ, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පතිවරුන්වන එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්, තුසිත හුලංගමුව, චමීෂා ද සිල්වා යන මහත්ම මහත්මීන්, පලාත් නියෝජ්‍ය තැපල්පතිවරුන්, ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

