අධිරාජ්‍යවාදී, කොල්ලකාරී ජනසංහාරක යුද්ධයට එරෙහිව එක්වෙමු!

cesu

ඉහත තේමාව යටතේ ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලබන මෙවර ජාත්‍යන්තර කම්කරු දින සැමරුමට Ceylon Estate Staffs’ Union (ලංකා වතු සේවා සංගමය) ද සක්‍රීයව එක්වන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වැවිලි, බැංකු, ගුරු, වෙළෙඳ කලාප, තැපැල්, බලශක්ති, විදුලි සංදේශ, ජනමාධ්‍ය, ධීවර, කෘෂිකාර්මික, සෞඛ්‍ය, රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා මාධ්‍ය සංවිධාන ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ස්වාධීන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන 20කට අධික සංඛ්‍යාවක් මෙම සැමරුමට එක්වීමට නියමිතය.

මැයි මස 1 වන දින උදෑසන 10.00ට ලේක්හවුස් වටරවුම අසලින් පෙළපාලිය ආරම්භ වන අතර, රැලිය දහවල් 12.00ට ගුණසිංහපුර (ප්‍රයිස් පාක්) හිදී පැවැත්වේ.