- අධිරාජ්යවාදී යුද්ධයට, කම්කරුවන් සහ සම්පත් සූරාකෑමට, ජන සංහාරයට එරෙහි ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවේ මැයි රැළිය
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්රායලය මැද පෙරදිග යුද්ධයක යෙදී සිටින අතරතුර, අපි 2026 මැයි දිනය සමරන්නෙමු. ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්රායල් ආක්රමණය සහ මෙම අධිරාජ්යවාදී ආක්රමණයට විරුද්ධව ඉරානයේ ප්රතිරෝධය, දෙවන ලෝක යුද්ධයෙන් පසුව නිර්මාණය වූ ලෝක බල රටාව බිඳවැටීමේ ආරම්භයට හේතු වී තිබේ.
කෙසේ වෙතත්, යුද්ධය පැමිණ ඇත්තේ ජනතාවට සහ ලෝකයේ පරිසරයට විශාල වියදමක් දරමිනි. ප්රබල ලෝක නායකයින් ඉවත බලා සිටියදී පසුගිය වසර දෙක තුළ ඊශ්රායලය විසින් පලස්තීනයේ සමස්ත ජනතාවක් මරා දමන ලදී. නමුත් මෙයට ප්රතිරෝධය පැමිණියේ සිය ගණනක් සංවිධානය වූ සාමාන්ය ජනතාවගෙන් සහ කම්කරුවන්ගෙනි, එබැවින් යුරෝපීය රජයන්ට පවා දැන් ඊශ්රායලය සමඟ සබඳතා කපා හැරීමට බල කෙරී ඇත.
යුද්ධය දිගටම පවතින විට ගෝලීය වශයෙන් සාගතය සහ අවපාතය බලාපොරොත්තු විය යුතුය. ශ්රී ලංකාව වැනි අර්බුදවලින් පසු අර්බුදවලට මුහුණ දී ඇති රටවල කම්කරුවන්ගේ ජීවිත ඊටත් වඩා අස්ථිර වී ඇත - පළමුව ඣඪෂෘ වසංගතය, පසුව ආර්ථික අර්බුදය සහ දැන් යුද්ධය. කම්කරු පන්තියේ දෛනික අරගලය නොතකා, ධනේශ්වර පන්තියේ කීකරු සේවකයින් ලෙස වැඩ කරන අපගේ රජයන් වැඩ කරන ජනතාව මත ආර්ථික බර මාරු කර ඇත. සෑම රටකම පාහේ කම්කරුවන් සහ සම්පත් පහසුවෙන් සූරාකෑමට හැකි වන පරිදි එම රටවල නීති ව්යුහයන් වේගයෙන් වෙනස් වෙමින් පවතී. ගෝලීය වශයෙන්, තෙල් ටැංකි බෝම්බ දමා පුළුස්සා දමන අතරතුර පවා තෙල් සමාගම් ලාභ උපයමින් සිටී. කම්කරු පන්තියේ සංවිධානාත්මක ප්රතිරෝධයක් නොමැතිකමේ ප්රතිඵලයක් ලෙස ධනේශ්වර පන්තිය ශ්රමය සූරාකමින් ලාභය උපරිම කරයි.
ශ්රී ලංකාවේ, කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතතාව දුර්වල කිරීම සඳහා කම්කරු නීති ප්රතිසංස්කරණ ගෙන ඒමට උත්සාහ දරන බව අපි දකිමු. වැඩ කරන වේලාවන් සීමා කිරීම, ශ්රමය අවිධිමත් කිරීම, සේවයෙන් පහ කිරීමේ නීති ලිහිල් කිරීම යන සියල්ල නව කම්කරු නීති ප්රතිසංස්කරණවල අඩංගු වී ඇති බව පෙනේ. මෙම ප්රතිසංස්කරණ වෘත්තීය සමිති සාකච්ඡා මේසයෙන් බැහැරව තබා ගනිමින් සිදු කිරීමට කිසිසේත් ඉඩදිය යුතු නැත.
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝගවලට දැඩි ලෙස අනුකූලව රාජ්ය ආයතන ඈවර කරනු ලැබේ. විදුලිබල මණ්ඩලය සමාගම් කිහිපයකට කැඩී ගියද, විදුලි බිල අහස උසට නැගෙමින් පවතී. ඉන්ධන බෙදා හැරීම පිළිබඳ රජයේ ඒකාධිකාරය ඉවත් කර විදේශීය සමාගම්වලට ලබා දුන්නේ එය නිර්මාණය කළ තරඟය ඉන්ධන මිල අඩු කරන බව පවසමිනි. කෙසේ වෙතත්, විදේශීය සමාගම් රජයේ ආයතනවලට වඩා ඉහළ මිලකට ඉන්ධන විකුණයි. කෙසේ වෙතත්, රජය ෂඵත් වැඩසටහන මත පමණක් විශ්වාසය තබා ඇති බවක් පෙනේ. එතුළින් කම්කරුවන් ඇතුළු ජනතාව තවදුරටත් දරිද්රතාවයට පත්වීම හැර වෙනත් විසඳුමක් ලැබෙන බවක් නොපෙනේ.
අනෙක් අතට, වෘත්තීය සමිති නොසලකා හරිමින් රජය තම වැඩසටහන් ක්රියාත්මක කරමින් සිටී. කම්කරු දෙපාර්තමේන්තුව ද කම්කරුවන්ට වෘත්තීය සමිති අවශ්ය නොවන බවට ප්රචාරය පතුරුවමින් සිටී. කෝටිපති ව්යාපාරිකයින් රජයේ ඉහළ මණ්ඩලවලට පත් කරනු ලබන අතර ඔවුන්ගේ උපදෙස් අනුව ආණ්ඩුව කටයුතු කරයි. මේ හරහා වෘත්තීය සමිති විරෝධී දෘෂ්ටිවාදයක් තුළට ආණ්ඩුව ගොනුවෙමින් සිටී.
ධනපති පන්තිය නීති විරෝධී යුද්ධයකින් ලාභ උපයනවා සේම, කම්කරු පන්තිය ද නව ලෝක පිළිවෙල හැඩගැසෙන ආකාරය දැක බලා මෙම නව ලෝකයේ වැඩ කරන ජනතාවට විකල්ප වැඩසටහනක් සහ බලයක් ලැබෙන පරිදි සංවිධානය විය යුතුය. ධනපතියන් ජයග්රහණය කරමින් සිටින්නේ කම්කරුවන් අසංවිධිතව සිටින නිසාය. යුද්ධය ඇතුළුව මේ සියලු ගැටලුවලට විසඳුමක් සොයාගත හැක්කේ සංවිධානාත්මක වැඩ කරන ජනතාව ජාතික හා ජාත්යන්තර වශයෙන් එක්සත් වී විකල්ප වැඩසටහනකට නායකත්වය දුන්නොත් පමණි.
ඊශ්රායලයට යැවිය යුතු හමුදා උපකරණ තම වරායන්වලදී මාරු කිරීමට ඉඩ දීම ප්රතික්ෂේප කළ ඉතාලි ඩොක් සේවකයින් සහ ඊශ්රායල භාණ්ඩ හැසිරවීම ප්රතික්ෂේප කළ අයර්ලන්ත සුපිරි වෙළඳසැල් සේවකයින් ඇතුළු කම්කරුවන් දැනටමත් ආදර්ශයෙන් පෙරමුණ ගෙන සිටිති. ආර්ථික මර්දනයට එරෙහිව, යුද්ධයට එරෙහිව සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන් දේශපාලනිකව සංවිධානය කිරීමෙන් අපගේ සහෝදරවරුන් විසින් දැනටමත් ගෙන ඇති අරගල ඉදිරියට ගෙන යා යුතුය. අද පෙළපාළි යන සංවිධානාත්මක කම්කරුවන් ලෙස, ධනේශ්වර අධිරාජ්ය ලෝක පර්යායේ අවසානය ගැන සිහින දකිමින් මෙම නව ලෝකය සඳහා සටන් කිරීමට කටයුතු කරමු.
තුන්වන ලෝක යුද්ධයක් කරා මෙහෙයවෙන මෙම නවලෝක තත්වයන් හා එතුළින් නිර්මාණය වන ජන සංහාරයට හා සම්පත් කොල්ලය පිළිබඳව ප්රමාණවත් කතිකාවක් අද වනවිට අප රට තුළ ගොඩනැංවී නැත. එබැවින් මෙවර මැයි දිනයේ දී තේමාවක් ලෙස ඔසවා තබමින් වැඩ කරන පන්තිය ලෙසට අප ඒ වෙනුවෙන් වූ කෙටි හා දිගුකාලීන වැඩ පිළිවෙළක් සඳහා වහා සංවිධානය විය යුතුය. ඒ සඳහා මෙම මැයි දිනයේ දී වැඩ කරන පන්තිය අවදි කරවා පෙළගස්වමින් සමස්ත රට තුළ හා ඉන් ඔබ්බට ලෝක කම්කරු පන්ති ව්යාපාරයක් දක්වා එම හඬ පුළුල්ව විසුරුවා හැරීමට එක්සත්ව නැගී සිටිමු.
1 අධිරාජ්යවාදී කොල්ලකාරී ජනසංහාරක යුද්ධයට එරෙහිව ලෝක කම්කරු පන්ති ව්යාපාරයක් ගොඩනගමු!
2 ජාතික ශ්රම ප්රතිපත්තියක් සකස් කරනු !
3 සියලු කම්කරුවන්ට වෘත්තීය සමිති අයිතිය තහවුරු කරනුෟ ප්රචණ්ඩත්වයෙන් හා හිංසාවෙන් තොර වැඩ පරිසරයක් සඳහා ක්190 සම්මුතිය බලාත්මක කිරීමට නීති වහාම සකසනු!
4 ෂඵත් කොන්දේසි අනුව සිදු කරනු ලබන රාජ්ය ආයතන පෞද්ගලීකකරණය, ආර්ථික පරිවර්තන පනත සහ රාජ්ය ණය කළමනාකරණ පනත වහාම හකුලා ගනුෟ දේශීය ණය ප්රතිව්යුහගත කිරීම යටතේ සිදුකළ ෑඔත්ල ෑඡත් වැනි සමාජ ආරක්ෂණ අරමුදල් කොල්ලය නවතනු!
5 කම්කරු අයිතිවාසිකම් සහ ආරක්ෂණ නීතිවලට අත නොතබනු!
6 වැඩ කරන ජනතාව මත පටවා ඇති උපයන විට ගෙවීමේ බද්ද සඳහා ඉල්ලා සිටි බදු සංශෝධන වහා ක්රියාත්මක කරනු!
7 අකර්මන්ය කර ඇති 2005 අංක 36 සහ 2016 අංක 04 දරන අය වැය සහන දීමනා පනත් වහා ක්රියාත්මක කරනු!
8 රාජ්ය, පෞද්ගලික හා වතු සේවකයින්ට රු. 65,000/= ජාතික අවම වැටුපක් ලබාදෙනුෟ අසනීප නිවාඩු අයිතිය තහවුරු කරනුෟ අවම වාර්ෂික සේවක නිවාඩු ගණන 35 දක්වා වැඩි කරනු!
9 රැකියා විරහිතවන්නන් හට දීමනා ක්රමයක් ක්රියාත්මක කරනුෟ අර්ධ රාජ්ය සහ පෞද්ගලික අංශ සේවකයින් සඳහා සමාජ සංරක්ෂණ ක්රමයක් ක්රියාත්මක කරනුෟ
10 සියලුම බැංකු සේවකයින්ගේ විශ්රාම අයිතිය තහවුරු කරනුෟ පවතින විශ්රාම ක්රමයන්හි ප්රතිලාභ වර්ධනය කරනු!
11 තැපෑල ඇතුළු රාජ්ය සේවයේ නව බඳවාගැනීම් සිදුකර දීමනා කප්පාදුව වහා නවතනු!
12 වතු සේවකයන්ට නිවාස සඳහා ඉඩම් ලබාදෙනුෟ වැවිලිකරය යළි නගා සිටුවීමට ප්රතිසංස්කරණ ගෙන එනු!
13 තේ අපනයන වෙළඳපොළ ඒකාධිකාරය බිඳ දමා ශ්රමයට යුක්තිය ඉටු කරනු!
14 වතු ක්ෂෙත්රයේ අවුට්ග්රෝව වහල් ක්රමය වහා අහෝසි කරනු!
15 පරිසරය සුරැකීමට අවශ්ය සියලු ප්රතිපත්ති සම්පාදනය කරනු!
කම්කරු යුක්තිය දේශගුණික යුක්තියයිෟ මහා පරිමාණ පරිසර දූෂකයිනි, වන්දි ගෙවනු!
16 සාවද්ය ඉන්වොයිස්කරණය හරහා රටින් පිටමන් කළ ධනය නැවත ගෙන එනුෟ මූල්ය පාලන නීති ක්රියාත්මක කරනු!
17 ජනයා පීඩනයට පත්කර ඇති ක්ෂුද්ර මූල්ය ණය සඳහා වහා විසඳුම් ලබාදෙනුෟ ක්ෂුද්ර මූල්ය ණය ආයතන නිසි ලෙස නියාමනය කරනු!
18 ඡඕල ධී් ඇතුළු සියලුම මර්දන අණ පනත් වහා අහෝසි කරනුෟ ඡීඕ හා විද්යුත් විකාශන පනත් කෙටුම්පත් වහා හකුලා ගනුෟ
19 නිදහස් අධ්යාපනය හා සෞඛ්ය අයිතීන් තහවුරු කරනු!
20 පාසල් උපකරණ, සෞඛ්ය සේවාවන්, ගොවි ධීවර ආම්පන්න හා යෙදවුම් මත පනවා ඇති බදු වහා ඉවත් කරනු! අධ්යාපනය, සෞඛ්ය සේවය හා පොදු ප්රවාහනයට ප්රතිපාදන වැඩි කරනු!
21 ස්ථිර සේවාවන් සඳහා මෑන් පවර් සේවකයන් ඇතුළු තාවකාලික සේවකයන් බඳවා ගැනීම නවතනු!
22 ජාතික හා ජාත්යන්තර වශයෙන් සංක්රමණික ශ්රමිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු!
23 ගෘහ සේවකයින් ඇතුළු අවිධිමත් අංශයේ කම්කරුවන් ද කම්කරු නීතිවලින් ආරක්ෂා කරනු!
24 රාජ්යයන් සූරාකන වෙළඳ හා ආර්ථික ගිවිසුම් වහා හකුලා ගනු!
25 ජනමාධ්යවේදීන්ගේ හා මාධ්ය වෘත්තිකයින්ගේ සියලු අයිතින් සුරක්ෂිත කිරීමට මැදිහත් වෙනු! මාධ්ය සේවකයින්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කරනු!
26 ආනයන/අපනයන ගැටළු හමුවේ තර්ජනයට ලක්වන ශ්රමිකයින්ගේ රැකියා ආණ්ඩුව විසින් සුරක්ෂිත කරනු!
27 ජනාධිපති ට්රම්ප්ගේ තීරුබදු වැඩි කිරීමේ තර්ජනයට සාර්ථකව මුහුණදීම සදහා සැළසුම් සැකසීම වෙනුවෙන් වෘත්තීය සමිති නියෝජිතයන් ප්රමුඛ සියලු පාර්ශ්වකරුවන් නියෝජනය වන ජාතික කමිටුවක් පාර්ලිමේන්තුව මගින් ස්ථාපිත කරනු!
ලංකා බැංකු සේවක සංගමය
නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය
ලංකා වතු සේවා සංගමය
ලංකා ගුරු සංගමය
ශ්රී ලංකා ජනරජ සෞඛ්ය සේවා සංගමය
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
එක්සත් කම්කරු සම්මේලනය
වාණිජ හා කාර්මික සේවක සංගමය
ශ්රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය
එක්සත් පොදු සේවක සංගමය
ප්රොටෙක්ට් සංගමය
ස්ටෑන්ඩ්-අප්-මූමන්ට්
ලංකා විදුලිබල මණ්ඩල තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය
මාධ්ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
නිදහස් මාධ්ය ව්යාපාරයේ වෘත්තීය සමිතිය
ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය
රක්ෂණ පොදු සේවක සංගමය
ස්වාධීන තටාක සේවක සංගමය
ස්ත්රී මධ්යස්ථානය
අන්තර් විශ්වවිද්යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනය
ප්රජාතාන්ත්රික අයිතීන් සුරැකීමේ ව්යාපාරය
ලංකා වැවිලි සේවා සංගමය
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ
ලංකා ප්රගති ගුරු සංගමය
ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව
2026-05-01

