නතර වී තිබූ පෙට් ස්කෑන් පරීක්ෂණ හෙට දිනයේ සිට නැවත ආරම්භ වෙයි

pet-scanner

පරීක්ෂණ සිදු කිරීමට භාවිතා කරන FDG නමැති විකිරණශීලී රසායනික ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් මාර්තු 27 වැනි දා සිට නවතා දමා තිබූ පෙට් ස්කෑන් පරීක්ෂණ සේවාව හෙට (මැයි 06) දින ශ්‍රී ලංකා ජාතික රෝහල හිත්, සිකුරාදා දින (මැයි 08) වනදා මහරහම අපේක්‍ෂා රෝහලෙහිත් නැවත ආරම්භ කිරීමට නියමිතව ඇත. මේ වන විට එම පරීක්‍ෂණය සිදු කිරීමට අදාල රෝගීන් සූදානම් කොට ඇත.

මෙම රසායනික ද්‍රව්‍යය ලංකාවට ගෙනඒම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ප්‍රමාද වීම සම්පූර්ණයෙන්ම බිඳ වැටීම සිදුවන ලදී. ඒ හේතුවෙන් කිසිදු සමාගමකට එම රසායනික ද්‍රව්‍ය ලංකාවට ගෙන ඒමට  අවස්ථාව නොලැබුණි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙළිකළ තොරතුරු මාධ්‍යවේදී  ඔබ සහ ඔබේ ආයතනය මගින් ජනතාව වෙත හෙළිදරව් කිරීම මගින් වගකිවයුතු පාර්ශ්වයන් එම ගැටළුව විසඳීම සඳහා මැදිහත්වීම සිදු කරන ලදී.

ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනා වෙත අපගේ ස්තුතිය පළ කර සිටිමු.

චානක ධර්මවික්‍රම

සභාපති

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය