ශ්‍රී ලාංකීය මාතෘත්වයේ සහ සෞඛ්‍යයේ රන් සලකුණ පවුල් සෞඛ්‍ය සේවාවට වසර සීයය යි...
ලොව දියුණු රටවල් පවා මවිතයට පත් කරමින් ශ්‍රී ලංකාවේ මාතෘ හා ළදරු මරණ අනුපාතය අවම මට්ටමකට පවත්වා ගැනීමට උරදුන් අපේ සෞඛ්‍ය පද්ධතියේ පණ ගැහෙන හදවත හෙවත් පවුල් සෞඛ්‍ය සේවාව මැයි 05 දිනට සියවෙනි අභිමානවත් වසර සපුරයි.🫀
- නිවසටම එන සේවය එදා රෝහල් පහසුකම් අඩු යුගයක ගැබිණි මවගේ නිවසටම ගොස් උපදෙස් දීමටත් දරු ප්‍රසූත සිදු කිරීමටත් මෙම නිලධාරීන් කැපවිය.
- අද වනවිට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය යනු හුදෙක් වින්නඹු මාතාවක් පමණක්ම නෙවෙයි.
- ඇය පවුල් සැලසුම්කරණය දරු ප්‍රසූතිය පෝෂණය ප්‍රතිශක්තිකරණය සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මනා පුහුණුවක් ලත් නිලධාරිනියකි.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය යනු කවුද?
ඇය ගමේ මිඩ්වයිෆ් නෝනාය. දරුවා පිළිසිඳ ගත් දා සිට මවකගේ සෞඛ්‍ය තත්ත්වය සොයාබලමින් උපතේදී සුරක්ෂිත දරු ප්‍රසූතියක් සහතික කරමින් ළදරු අවධියේදී දරුවන්ගේ බර පෝෂණය එන්නත් ලබාදීම නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් නිවසටම පැමිණ පවුලේ සැමගේ සෞඛ්‍ය ගැටළුවලට ළඟින්ම සිටින හිතවතියයි.
ශ්‍රී ලංකාව අද දකුණු ආසියාවේ සෞඛ්‍ය දර්ශක අතින් ඉදිරියෙන්ම සිදීමට ප්‍රධාන හේතුව මෙමෙම සේවාවයි..
ඉතින් ආත්ම ගානකට පිං පිරෙන මෙවන් සේවවකට එක් වීමට මගෙ පින කෙතරම්ද?
සේවාව ලබා දීමේ දී දරු ප්‍රසූතියෙන් පසු වේදනාවෙන් මිරිකී කිරි ගල් වී සිටින මව්වරුන් අස්වසමින් ඔවු ලබන සහනය ඇස් දෙකෙන් දැක අත්විදින මානසික සුවය, පුංචි කිරි කැටියා කුසේ සිටි දා සිට ටික ටික ලොකු වෙනව දකින කොට හිත පිනා යන ඒ අමුතු හැගීම...
මේ මම බලපු මගෙ දරුවෙක් එහෙමයි හැම මිඩ්වයිෆ් කෙනෙක්ටම හිතෙන්නෙ....
මානසික ආතතියෙන් වේදනා විදිමින් ඉන්න මව්වරුන් සමග සෙනෙහසින් ලං වෙලා සනසාලමින් නිසොල්මනේ ඒ ලබාදෙන සෙනහස ඒ තුලින් මා ලබන සතුට...
සමහර දවසට හද පුපුරු ගහන තරම් වේදනාබර සිද්දි හිතේ තියාගෙන ඒව මගෙ කරගෙන දුක් වෙන ඒවට හැකි උපරිම සහයෝගය ලබා දෙමින් මා ලබන සතුට...
මා ලබා දෙන සේවාවෙන් මා හට පිං පතන වැඩිහිටි මව් පිය වරුන්ගේ වදන් වලින් හිත පුරවගෙන සතුටින් රාජකාරි නිම කරන දවස් වලට තියන ඒ හැගීම....
තවත් රැකියාවකින් මෙත්‍රම් ලබා ගත හැකිද විටක මට සිතේ...සේවාවන් අතරින් හැම සේවාවක්ම උසස් උවත් මට ඒ හැම සේවවටම වඩා මේ සේවාව උතුම්ය .....
මට හැකි තාක් උපරිමෙන් මේ උතුම් සේවාව ලබා දෙන්න මට වගේම මගේ අනෙකුත් සහෝදර නිලදාරිනියන්ටද ශක්තිය ලැබේවා...
ඉතා අවම පහසුකම් යටතේ දුශ්කරව කටුකව උවත් උපරිම සේවාවක් දෙන හැම නිලදාරිනියකටම සුභ වේවා....
පවුල් සෞඛ්‍ය සේවාව චිරාත් කාලයක් වැජඹේවා...!
| සචිනි චතු (පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී)
Midwife tips Sri lanka FB පිටුවෙන්

