සිලෝන් නිව්ස්පේපර්ස් කඩිනම් විමර්ෂනක් කරන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා නියෝග කරයි

mawbima-ceylon-today

කොළඹ  07,  රොස්මිඩ් පෙදෙසේ පිහිටි සිලෝන් නිව්ස්පේපර්ස් පුද්ගලික ආයතනයේ සේවක ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය වෙත (03) දින උපදෙස් ලබාදී තිබේ.

අදාළ ආයතනයේ සේවකයන් අනීතික ලෙස සේවයෙන් ඉවත් කිරීම, වැටුප් නොගෙවීම, පාරිතෝෂික නොගෙවීම, සේවක අර්ථසාධක අරමුදල :ෑඡත්‍* සහ සේවක භාරකාර අරමුදල :ෑඔත්‍* සඳහා දායක මුදල් නොගෙවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම්දී ඇත.

පසුගිය කාලසීමාව තුළ සිලෝන් නිව්ස්පේපර්ස් පුද්ගලික ආයතනයේ සේවකයන් රැසක් විවිධ සේවා ගැටලුවලට මුහුණපා ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

සබැඳි පුවත්

එමෙන්ම, තමන්ට සිදුවූ අසාධාරණකම් සම්බන්ධයෙන් සේවකයන් කිහිපදෙනෙකු මේ වනවිටත් කම්කරු දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර, එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

සේවා ස්ථානවල පැනනගින කම්කරු ආරවුල් සහ ගැටලු සම්බන්ධයෙන් සේව්‍ය හා සේවක දෙපාර්ශ්වයට එකඟතාවකට පැමිණීමට නොහැකි වන අවස්ථාවලදී ප්‍රමාදයකින් තොරව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම්වත් කරන ලෙසද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සේව්‍ය සේවක දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියි.