හෙද නිලධාරීන්ගේ  වාර්ෂික ස්ථාන මාරු ලබාදීම සිදුකරදෙන මුවාවෙන්  මුදල් ගරන ජාවාරමක් ක්‍රියාත්මකයි

හෙද නිලධාරීන්ගේ  වාර්ෂික ස්ථාන මාරු ලබාදීම සිදුකරදෙන මුවාවෙන්  මුදල් ගරන ජාවාරමක් ක්‍රියාත්මකයි

හෙද නිලධාරීන්ගේ  වාර්ෂික ස්ථාන මාරු ලබාදීම සිදුකරදෙන මුවාවෙන්  මුදල් ගරන ජාවාරමක් ක්‍රියාත්මකයි. ජාවාරම්කරුවන්ට හසු නොවන්නැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

2026 වර්ෂයට අදාලව හෙද නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන  මාරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් කැඳවා ඇත. මේ පසුබිම තුල  ස්ථාන මාරු ඉල්ලා ඇති හෙද නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීමේ හා ඔවුන්ට ස්ථාන මාරු සකස් කර දෙන බව  සඳහන් කරමින් කූඨලෙස මුදල්  අයකරමින් සිදුකරන ජාවාරමක් ක්‍රියාත්ම වෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට තොරතුරු වාර්තා වී තිබේ.

හෙද නිලධාරීන්ගේ ස්ථාන මාරු සිදු කරන්නේ නිත්‍යානුකූල ක්‍රමවේද අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හෝ පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශ  විසින් පමණි. අදාල අමාත්‍යාංශය වල  බලයලත්  නිලධාරියෙකු විසින් කරන  ලිඛිත ඉල්ලීමකට පරිබාහිරව  වෙනත් කිසිදු පාර්ශ්වයකට  හෙද නිලධාරින් විසින් තොරතුරු ලබා නොදිය යුතු බව අවධාරණය කෙරේ. ස්ථාන මාරු සකසා දෙන බව පවසා මුදල්  හෝ වෙනත් ආකාරයක අල්ලස් ලබා දීම ස්ථාන මාරු ඉල්ලුම් කරන ලද හෙද නිළධාරීන් නොකළ යුතු බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එසේ සිදුකරන මුදල් ගණුදෙනු සම්බන්ධයෙන් හෝ ලබාදෙන අල්ලස්, කරන වංචා හා ඒ නිසා සිදුවන හානි   සම්බන්ධයෙන් කිසිදු වගකීමක්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නොදරන බවද  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. එසේම මේ ආකාරයේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු සතු  නම්  ඒවා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත කඩිනමින් ලබා දී දූෂණයයට වංචාවට එරෙහිවන නිත්‍යානුකූල  රටවැසියෙකු  ලෙස සිය වගකීම ඉටු කරන මෙන්ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශය  සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.