'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම' සඳහා වන නව පනත් කෙටුම්පතකට කැබිනට් අනුමැතිය

'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම' සඳහා වන නව පනත් කෙටුම්පතකට කැබිනට් අනුමැතිය

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතෙහි පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව මත එකී කරුණට අදාළව මූලික කෙටුම්පතක් සකස් කිරීම පිණිස තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත.

එකී තාක්ෂණික විශේෂඥ කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත' නමින් නව පනතක් හඳුන්වා දීම සඳහා 2026-08-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ පනත් කෙටුම්පත සඳහා නීතිපති නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image