තෙල් පිරිපහදුවේ සේවකයින්ට දීමනා වියදම කෝටි 300යි

තෙල් පිරිපහදුවේ සේවකයින්ට දීමනා වියදම කෝටි 300යි
තෙල් පිරිපහදුවේ සේවකයන් සඳහා පසුගිය මාස කිහිපයේදී අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන පවසයි.
 
හෙතෙම මේ බව කියා සිටියේ අද (10) පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නනයකට පිළිතුරු ලෙසය. 
 
වැඩිදුරටත් කරුණු දක්වමින්  අතිකාල දීමනා ගෙව්වේ කාට දැයි සොයා බලා ගෙන යන බව පැවසූ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
 
අතිකාල දීමනා ගෙවීම තවදුරටත් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසුවේය.
 
විමසූ පැනය හා ලැබුණු පිළිතුර කෙටියෙන් මෙසේය.
 
 
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
 
වහලා තිබුණු තෙල් පිරිපහදුවේ සේවකයන්ට රුපියල් කෝටි 40 ක දීමනා ගෙවලා තියෙනවා කියලා ආරංචියි. ඒක ලොකු අපරාධයක්.
 
අමාත්‍ය කංචන විජේසේකර මහතා:
 
පුවත්පත්වල මේ ගැන තොරතුරු සඳහන් වුණාම මම මේ ගැන සොයල බැලුවා. ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය කළමනාකරුගෙන් විමසුවා. ඒ සේවකයන්ට අතිකාල දීමනා විදිහට කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවලා තියෙනවා කියලා ඔහු දැනුම් දුන්නා.
 
පිරිපහදුව මාර්තු අප්‍රේල් මාසවල වැහුවේ නෑ. ඒක වැහුවේ පසුගිය මාසේ විතරයි. දින හතම ඉන්ධන නිකුත් කළා. ඉතින් ඒ සේවකයන්ට අතිකාල දීමනා ගෙවන්න වෙනවා. ගෙවීම් යම් මට්ටමකට කළමනාකරණය කරගෙන තිබුණා.