රත්මලානේ බේකරි නිෂ්පාදන හළක  50ට කොවිඩ් පොසිටිව් 

රත්මලානේ බේකරි නිෂ්පාදන හළක  50ට කොවිඩ් පොසිටිව් 
රත්මලාන ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩා අංශයේ සේවකයින් 50 කට අධික පිරිසක් සඳහා අද( 20) එම කර්මාන්ත ශාලාව තුළදී සිදුකළ හදිසි රැපිට්ඇන්ටිජන් පරීක්ෂණයට අනුව ඉන් සේවකයින් 23 දෙනෙකුට කෝවිඩ් වයිරසය ශරීරගත වී ඇතැයි වාර්තා වේ.
 
 
මෙම කර්මාන්ත ශාලාව ප්‍රධාන ගබඩාව තුළ සිට රටපුරා සිට පැමිණෙන ලොරි රථ සඳහා කරත්ත යොදාගෙන ඇසුරුම් පෙටිටි තොග වශයෙන් ගෙනවිත් දෙන අයද සිටින බව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයීය ප්‍රකාශකයෙකු විසින් අනාවරණය කරන ලදි.
 
මේ පිරිස් වලින් සේවකයින් 50 දෙනකු හදිසි පරීක්ෂණ  සඳහා මෙලෙස යොමු කළ බවත් , එයින් සේවකයින් 23 දෙනෙකු හට වයිරසය ආසාදනවී ඇති බවට සනාත වීමෙන් පසු එම පුද්ගලයින් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත යොමුකිරීමට කටයුතු කළ බවත් ඔහු පෙන්වාදෙයි.
 
කෙසේ වෙතත්  ඉතිරි ආශ්‍රිත පිරිස් එම ගබඩා සංකීර්ණය තුළම සියලු පහසුකම් සහිතව දින 14 ක නිරෝධායනයකට යොමු කරනු ලබන බවත්  එම ප්‍රකාශයා වැඩිදුරටත් සඳහන් කළේය.