උපාධිධාරී 51,000ට අලුත් තනතුරු ලබා දීම ගැන නිවේදනයක්

උපාධිධාරී 51,000ට අලුත් තනතුරු ලබා දීම ගැන නිවේදනයක්

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ස්ථිර පත්වීම් ලබාදුන් 51,000 සියලු දෙනා සංවර්ධන නිලධාරි තනතුර සඳහා දැනට අනුයුක්ත කර තිබෙන බවත් ඉදිරියේදී ඒ අයට සුදුසු තනතුරු ලබාදීමට අදාළ විභාගවලට ඉදිරිපත් කරන බවත් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පසුගියදා නිවේදනය කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පෙන්වා දුන්නේ මෙම සංවර්ධන නිලධාරි පත්වීම් ලැබූ සියලු දෙනාට සියලු දීමනා සහිතව රු. 41,490ක වැටුපක් ලැබේ. මෙම උපාධිධාරීන්ගේ විෂය නිපුණතාව හා ඉගැන්වීමේ හැකියාව අනුව ගුරු පත්වීම් ලබාදීමටද කටයුතු කරනු ඇත