ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ 6 වැනි ගෝලීය සමුළුව හෙට මොරොක්කෝවේ දී

ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ 6 වැනි ගෝලීය සමුළුව හෙට මොරොක්කෝවේ දී

ළමා ශ්‍රමය තුරන් කිරීම වෙනුවෙන් වූ 6 වැනි ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මොරොක්කෝ රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.

එම සමුළුව හෙට(11) සිට 13 වැනිදා දක්වා මරාකෙෂ් නගරයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර එම සමුළුව මොරොක්කෝ රජය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) එක්ව සංවිධාන කර ඇත.

 ලොව විවිධ රටවල් සහ එම රටවල් හි සේවායෝජකයක් , සේවාදායකයන්, සිවිල් සමාජ සංවිධාන, පුද්ගලික අංශය මෙන්ම විෂයය ප්‍රාමාණිකයින් රැසක් මෙම සමුළුවට සහභාගි වනු ඇති.

ලොව පුරා රටවල ළමුන්ගෙන් මිලියන 138ක් පමණ ළමා ශ්‍රමිකයින් ලෙස හඳුනා ගෙන ඇත.

ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ  ගෝලීය සමුළුවේ මංගල සම්මන්ත්‍රණය 1997 වසරේදී නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී පවත්වා තිබුණි.

මෙරට ළමා ශ්‍රමය , සමස්ත ළමා ජනගහනයෙන් 1%ක ප්‍රතිශතයක පවතින අතර එයද තවදුරටත් අවම කිරීම සඳහා වත්මන් රජය පියවර ගනිමින් සිටියි.