සේවක ආරක්‍ෂාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කළුතර කෝට්ස් ත්‍රෙඩ් සමාගමේ සේවකයන් පසුගිය 04 වැනිදා සිට දියත් කළ වැඩ වර්ජනය (11) දින අවසන් කෙරුණා.
ඒ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ මැදිහත් වීමෙන්, එම සමාගමේ සේවක වෘත්තීය සමිති සහ පාලනාධිකාරිය අතර, කම්කරු අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුවයි.
එහිදී සේවක සහ සේව්‍ය දෙපාර්ශවය අතර කම්කරු ආරවුල් පනතේ 12:1 වගන්තිය ප්‍රකාරව අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබුණා.
කළුතර කෝට්ස් ත්‍රෙඩ් සමාගමේ සේවකයන් පන්සියයකට ආසන්න පිරිසක් සේවය කරන අතර සේවක සුරක්ෂාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණේ පසුගිය 04 වැනිදායි.
අද පැවති සාකච්ඡාවට කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද, කෝට්ස් ත්‍රෙඩ් සමාගමේ ප්‍රධානීන් සහ අන්තර් සමාගම් සේවක සංගමය නියෝජනය කරමින් ජානක අධිකාරි ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් කිහිප දෙනෙක්ද එක්ව සිටියා.

