මොකද්ද මේ Generative Artificial Intelligence? (Video)

‘විකල්ප’ වෙබ් අඩවිය විසින් සංවිධානය කර ලද Generative Artificial Intelligence පිළිබදව Zoom අවකාශයේ සංවාදයක් පසුගිය ජූලි 13වනදා පැවැත්විණි. එම වැඩසටහනට සම්බන්ධවීම සදහා විශාල පිරිසක් ඉල්ලුම්කර සිටියත් වැඩසටහනේ ආකෘතිය අනුව සීමිත පිරිසක් පමණක් එයට සහභාගි කරවීමට අපට සිදු වූ අතර, එයට සහභාගීවීමට නොහැකි වූ පිරිස සහ අනෙකුත් පාඨකයන් බොහෝ දෙනෙක් ගේ ඉල්ලීම මත එම සාකච්ඡාවේ වීඩියෝව මෙසේ ප්‍රසිද්ධ කරමු.

ශ්‍රී ලංකාවේ පළමු වරට, විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පදනමින්, ලෝකයේ නව ප්‍රවණතාවයක් වන Generative Artificial Intelligence පිළිබද සිංහල භාෂාවෙන් එම සාකච්ඡාව සදහා සම්පත් දායකත්වය සපයන ලද්දේ, විෂය පිළිබද ප්‍රාමාණික බුද්ධිමතෙක් මෙන්ම පර්යේෂකයෙක් ආචාර්ය සංජන හත්තොටුව විසිනි.

(vikalpa)