GMOA නව නිලධාරි මණ්ඩලය සමග ඉදිරි දැක්මක් එළිදක්වයි

GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව විධායක කමිටුව එහි ඉදිරි වසර සඳහා දැක්ම පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ සඳහන් වන්නේ,

2026/27 වර්ෂය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවටත්, මධ්‍යම කාරක සභාවටත් නව නිලධාරීන් මඩුල්ලක් නිතරඟයෙන් පත් වුණු අතර එහි සභාපතිධූරය විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා ද, ලේකම්ධූරය වෛද්‍ය බණ්ඩාර වරකාගොඩ මහතා ද හොබවමින් 23000 කට අධික සහ සමස්ථ රජයේ වෛද්‍යවරුන්ගෙන් 95% කට වඩා වැඩි සමාජිකත්වයකට නායකත්වය ලබා දීමට කටයුතු කරයි.

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රය ලොව දියුණු රටවල සෞඛ්‍ය දර්ශක සමඟ කරට කර සිටිමින් කටයුතු කිරීමට තරම් උසස් තත්ත්වයකට ලඟා වී ඇත්තේ ඒ සඳහා දිවා රෑ නොබලා වෙහෙසෙන විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් ප්‍රධාන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පතේ දැඩි කැපවීම නිසාය.

තත්ත්වය එසේ වුවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල මානව සම්පත පිළිබඳව ගැටළු ඔඩු දුවමින් පවතින අතර භෞතික සම්පත් සහ සේවා සැපයීම අතින් ගත්ත ද ගැටළු රාශියක් පවති.

දැනට හඳුනාගෙන ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන ගැටළු කිහිපයක් නම්,

1.            විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟය.

2.            විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව දශකයකට වැඩි කාලයක් තුල යාවත්කාලීන වී නොතිබිම සහ සෞඛ්‍ය සේවය තුල ඇති අනෙකුත් කාණ්ඩ වල මානව සම්පත් හිඟය.

3.            ශ්‍රී ලංකාව තුල වෛද්‍යවරුන්ගේ පුද්ගලික ජිවිතය සහ රැකියාව අතර සමබරතාවය (Work life balance) සහ රෝගී සත්කාර සේවාවේ ගුණාත්මකභාවය යන කාරණා දෙකම ඔප්නැංවීම.

4.            තත්කාලීන අවශ්‍යතාවයක් වන ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නම් වූ සුවිශේෂි සේවා කාණ්ඩය ස්ථාපනය කිරීම.

5.            වෛද්‍යවරුන්ගේ වැටුප්, දීමනා, ප්‍රවාහනය, අධ්‍යාපනය කටයුතු, විද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආදී ක්ෂේත්‍ර තුල ඇති ගැටලු ක්‍රමාණුකූලව විසඳා ගැනීම.  

6.            රෝගී සත්කාර සේවා සැපයීමේදි ඇතිවන භෞතික සම්පත් පිළිබඳව සහ ප්‍රායෝගිකව කටයුතු කිරීම පිළිබඳව පැන නඟින ගැටළු අධ්‍යයනය කර විසඳා ගැනීමට කටයුතු කිරීම.

7.            ශ්‍රී ලංකාව තුල වෛද්‍ය අධ්‍යාපනය ක්‍රියාත්මක විය යුතු මාර්ගය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇති කිරීම.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මඩුල්ල මෙම ගැටළු සම්බන්ධව පුළුල් කතිකාවතක් නිර්මාණය කරමින් ඒවා විසඳා ගැනීමටත්, ඒ තුලින් අවසානයේ වෛද්‍යවරුන් හා රෝගී ජනතාව යන දෙකොටසටම මුහුණපාන්නට සිදු වන අපහසුතා අවම කරගැනීමට අදිටන් කරගනිමින් ඉදිරි ගමන සැලසුම් කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිර්දේශපාලනික සංවිධානයක් ලෙස වසර 100 ක් පුරාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානතම පාර්ශවකරු වශයෙන් කටයුතු කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කරන ලද සාධනීය මෙහෙවර ඉදිරියට තවදුරටත් වැඩිකරමින් ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා කටයුතු කරනු ඇත.

(Executive Committee) විධායක සභාව - 2026/2027

තනතුර

නම

සභාපති

වෛද්‍ය  E K G D චන්දික එපිටකඩුව

උප සභාපතිවරුන්

වෛද්‍ය  K චාමින්ද ගුණතිලක

වෛද්‍ය K රුක්මාල් ගුණතිලක

වෛද්‍ය  H M නලින්ද ප්‍රියාන් හේරත්  

වෛද්‍ය  සෙනිත අසංක ලියනගේ

ලේකම්

වෛද්‍ය R N A M U K බණ්ඩාර වරකාගොඩ

සහකාර ලේකම්වරුන්

වෛද්‍ය K K ලසිත ධම්මික

වෛද්‍ය R M පාලිත රාජපක්ෂ

වෛද්‍ය K ප්‍රභාත් චන්දිම සුගතදාස

වෛද්‍ය M V D ශෂික ප්‍රියදර්ශන විතානගේ

වෛද්‍ය C හංසමාල් වීරසූරිය

වෛද්‍ය M G චමිල් දමින්ද විජේසිංහ

භාණ්ඩාගාරික

වෛද්‍ය නිර්මල ප්‍රියශාන්ත වාත්තුහේවා

සංස්කාරක

වෛද්‍ය චන්දන සුදස්සි ධර්මරත්න

උප සංස්කාරක

වෛද්‍ය චාරුණි ගයාත්‍රි කොහොඹන්ගේ

වෛද්‍ය W A D තෙනුවන් තරංග වික්‍රමසිංහ

මධ්‍යම කාරක සභාව (General Committee) - 2026/2027

අංකය

නම

1.      

වෛද්‍ය M A සුහයිල් අහමඩ්  

2.      

වෛද්‍ය හේෂාන් දිල්රංග අමරතුංග

3.      

වෛද්‍ය M F මොහොමඩ් අන්ෆාස්

4.      

වෛද්‍ය P A චනිත්  

5.      

වෛද්‍ය S ප්‍රසාද් කොළඹගේ  

6.      

වෛද්‍ය D M හර්ෂ ප්‍රසන්න දසනායක  

7.      

වෛද්‍ය සංජය ලක්මාල් එදිරිසිංහ

8.      

වෛද්‍ය G S නෙරංජන් ගුණතිලක

9.      

වෛද්‍ය හිමාල් ඹ්ෂධ කලඹාරච්චි

10.   

වෛද්‍ය R ලසන්ත ලංකාර කරුණාතිලක  

11.   

වෛද්‍ය K W චන්දන උදය කුමාර කැදන්ගමුව  

12.   

වෛද්‍ය W පූර්ණක රලීන් කුරේරා  

13.   

වෛද්‍ය යශෝධා පබසරා ලංකේෂ්වර

14.   

වෛද්‍ය A ලතාහරන්

15.   

වෛද්‍ය G W A රංජන් මදුසංක

16.   

වෛද්‍ය K W රගීෂ් මදුසංක  

17.   

වෛද්‍ය I A චතුර ප්‍රසාද් මාරසිංහ  

18.   

වෛද්‍ය L පේෂල වික්‍රමාරච්චි මොහොට්ටාල

19.   

වෛද්‍ය J P නවීන්කුමාර්

20.   

වෛද්‍ය N M පවිත්‍ර නයනජිත් නවරත්න

21.   

වෛද්‍ය K K D කුලේන්ද්‍රනාත් ප්‍රේමදාස  

22.   

වෛද්‍ය R M විහාරි විචක්ෂණා කුමාරි රාජගුරු

23.   

වෛද්‍ය H B අජන්ත පුෂ්පකුමාර රාජකරුණා  

24.   

වෛද්‍ය කසුන් හිරංග රණතුංග

25.   

වෛද්‍ය ඉන්දික දීපාල් මිල්රෝයි රත්නායක

26.   

වෛද්‍ය R M T මදුරංග රත්නායක

27.   

වෛද්‍ය G රනේෂ් රොහාන්

28.   

වෛද්‍ය චින්තක අඹේගුණවර්ධන සමරජීව

29.   

වෛද්‍ය මාලක සමීර සමරරත්න

30.   

වෛද්‍ය උදය ධම්සිරි සමරසිංහ

31.   

වෛද්‍ය S කසුන් දිනේන්ද්‍ර සමරතුංග

32.   

වෛද්‍ය H D P මනෝජ් සංජීව

33.   

වෛද්‍ය ඉලංගෝවන් සෙන්තුරන්

34.   

වෛද්‍ය S S ලලිත් කුමාර තල්ගහගොඩ  

35.   

වෛද්‍ය R තනිගවාසම්

36.   

වෛද්‍ය T තවනේසම්

37.   

වෛද්‍ය මාලක උඩුගමගේ

38.   

වෛද්‍ය K උමාසුදන්

39.   

වෛද්‍ය හේෂාන් රෂ්මික විදානපතිරණ

40.   

වෛද්‍ය S J වීරරත්න විතානගේ